Menu

logo new 2015-5-11

Shamrock-png

ලොකු ලූණු බද්ද ලොකු වේ

ලොකු ලූණු බද්ද ලොකු වේ

දේශීය ලොකු ළූණු අස්වනු නෙළන කාලය එළඹ තිබෙන මෙම අවස්ථාවේදී එම අස්වැන්න වෙළද පොලට පැමිණෙන බැවින් ආනයනය කරනු ලබන ලොකු ළුණු මත වූ ආනයනික ගාස්තුව කිලෝවකට රුපියල් 20/- කින් වැඩි කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත.

දේශීය ගොවින්ට එම අස්වැන්න සඳහා හොද මිලක් ලැබෙන ආකාරයට ආනයනය සීමා කිරිම මෙහි අරමුණවේ.

සාමාන්‍යයෙන් දේශීයව වගා කරන ලොකු ළූණු සැප්තැම්බර් - ඔක්තෝම්බර් කාල වකවානුව තුළ වෙළද පොලට එන බැවින් මෙතෙක් ලොකු ළූණු කිලෝග්‍රෑමයකට රුපියල් 10/- ක්ව පැවති ආනයනික ගාස්තුව අද දින සිට රුපියල් 20/- කින් වැඩි කිරීමට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් භාණ්ඩාගාර නිලධාරීන් වෙත උපදෙස් දී තිබේ.

2014 වසරේ ලොකු ළූණු අස්වනු නෙළීම අවසන් වූ පසුව මේ සඳහා පැවති ගාස්තුව පසුගිය දෙසැම්බර් මාසයේදී කිලෝවකට රුපියල් 10/- දක්වා අඩු කරන ලදී.

දේශීය ගොවීන් ආරක්ෂා කිරීම සඳහා රජය විසින් මෙවන් පියවර නිරතුරුව ගනු ලබන අතර පසුගිය සතියේදී ආනයනික අර්තාපල් සඳහා පැවති ගාස්තුව ද කිලෝ එකකට රුපියල් 10/- කින් වැඩි කරන ලද අතර ලෝක වෙළදපොලේ සීනි මිල සීඝ්‍ර ලෙස පහළ යෑමේ වාසිය දේශීය සීනි කර්මාන්තකරුවන් වෙත ලබා දීමේ අරමුණින් සීනි සඳහා වූ විශේෂ වෙළද බද්ද කිලෝවකට රුපියල් 12/- කින් වැඩි කරන ලදී.

කෙසේ වෙතත් සීනි අලෙවි කරන සිල්ලර මිල පාලනයේ කිසිඳු වෙනසක් නැති අතර පැකට් කරන ලද සීනි කිලෝවක් සඳහා රුපියල් 95/- ක් හා පැකට් නොකරන ලද සීනි කිලෝවක් සඳහා වන උපරිම සිල්ලර මිල වන රුපියල් 88/- දැඩිව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

slmirror

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.