Menu

logo new 2015-5-11

Shamrock-png

වල් නාශක වලින් තොර තේ එයි

වල් නාශක වලින් තොර තේ එයි

වල් නාශක භාවිතයෙන් තොරව සාර්ථක තේ වගාවක් සිදු කළ හැකි නව ක්‍රම වේදයක් හදුනා ගැනිමට මස්කෙළීය වැවිලි සමාගමට අයත් හපුගස්තැන්න වත්තේ අධිකාරි මහේන්ද්‍ර පිරිස් මහතා සමත්වී තිබෙනවා. මෙම නව සොයා ගැනිමට එක්සත් ජාතින්ගේ පාරිසරික ආයතනය තලවාකැලේ තේ පර්යේෂණ ආයතනය විද්‍යාඥයන්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යාපිඨයේ පිඨාදිපතිවරයා ඇතුලූ කථිකාචාර්යවරුන් විසින් පිළිගෙන තිබෙනවා. එම වතු යායේ අක්කර තුනක භුමි ප්‍රමාණයක තේ වගාවක් කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ පරික්ෂණයකින් අනතුරුව කෘෂිකර්මාන්තයට සම්බන්ධ විද්‍යාඥයන්, ජාපානයෙන් පැමිණි දූත පිරිසක්, තේ වගාකරුවන්, වතු අධීකාරිවරුන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් හපුගස්තැන්න තේ කර්මාන්ත ශාලාෙවේදී ඊයේ (12) උදෑසන පැවැත් පැවැත් විය.

මෙහිදී නව සොයා ගැනිම පිළිබඳව අදහස් දැක්වු වතු අධිකාරි මහේන්ද්‍ර පරිස් මහතා පවසන්නේ තේ වගා භුමියක් තුළ වල් පැළෑටි අසුවත් අසුපහක ප්‍රමාණයක් වැවෙන අතර මින් තේ වගාවට බලපෑම් ඇති කරනු ලබන්නේ වල් පැළෑටි විසිතුනක් පමණක් බවය. සෙසු වල් පැලෑටි අතර ගොටුකොළ ඇතුලු අහිංසක වල් පැලෑටි වශයෙන් මහේන්ද්‍ර පිරිස් මහතා හදුන්වනු ලබනවා. වල් පැළෑටි විසිතුනක් විනාශ කිරිමට වල් නාශක භාවිතය නිසා සියලුම වල් පැළැටි විනාශ වී තේ වගාවද විනාශ වි යන බවයි. එම හදුනා ගත් තේ වගාවට අහිතකර බලපෑම් ඇති කරන වල් පැළෑටි මිනිස් ශ්‍රමය උපයෝගි කරගෙන ගලවා ඉවත් කර ගැනිමෙන් සෙසු අහිංසක වල් පැළැටි තේ වගාව තුළ ව්‍යාප්ත වි තේ වගාවට අහිතකර වල් පැළෑටි ආක්‍රමනය කරන බවද මහේන්ද්‍ර පිරිස් මහතා පෙන්වා දෙනවා. තේ වගාවට වල් නාශක
භාවිතයෙන් වැළකි සිටීමෙන් ජල මුලාශ වලටද අහිතකර බලපෑම් ඇති නොවන බවත් වල් නාශක භාවිතයෙන් තොරව සිදුකරන තේ නිෂ්පාදනයන් වලට ජාත්‍යන්තර වෙළදපොලේ හොද ඉල්ලූමක් පවතින බවත් පෙන්වා දෙන වතු අධිකාරිවරයා වැඩි දුරටත් පවසන්නේ මෙම නව ක්‍රමවේදය අනුගමනය කරන්නේ නම් තේ වගාවට ආර්ථික වශයේ වාසි රැසක් සිදුවන බවයි.
ලක්බිම

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.