Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

ලිට්රෝ ගෑස් දේශයේ අම්මාවරුන් උදෙසා “ගරු අම්මාවරුන් වෙනුවෙන්” වැඩසටහන දියත් කරයි

ලිට්රෝ ගෑස් දේශයේ අම්මාවරුන් උදෙසා “ගරු අම්මාවරුන් වෙනුවෙන්” වැඩසටහන දියත් කරයි

දේශය වෙනුවෙන් උරදෙන අම්මාවරුන්හට නිසි ගෞරවය ලබා දෙමින්, ලිට්රෝ ගෑස් ලංකා සමාගම, මෙරට මවුවරුන්උදෙසා “ගරු අම්මාවරුන්වෙනුවෙන්” වැඩසටහන පසුගියදා ආරම්භ කළේය. මෙම වැඩසටහන යටතේ, දිවයින පුරා විසිරී සිටින ආර්ථික අපහසුතාවන්ගෙන් පෙළෙන මවුවරුන් හට තමන් පළමුවරට මිලදීගන්නා ලිට්රෝ ගෑස් සිලින්ඩරය (කි.ග්‍රෑ12.5හෝකි.ග්‍රෑ5) සමග ගෑස් උඳුනක් සහ ඉවුම්-පිහුම් සඳහා අවශ්‍ය වෙනත් උපාංග නොමිලයේ ලබාදීමට ලිට්රෝ ගෑස් සමාගම කටයුතු කරයි. පසුගිය මැයි මස 18වනදා කටුනායක අපනයන සැකසුම් කලාපයේ පැවති උළෙලකදී එම වැඩසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

 “තමන්ගේ දරුවන් හට සතුටින් ජීවත්විය හැකි සමෘධිමත් අනාගතයක් උදාකරලීම සඳහා අම්මාවරුන් දක්වන කැපවීම ලොව කිසිවකටත් සම කළ නොහැකියි. සමාජය ඉදිරියට ගමන් කරවන බලවේගය අම්මාවරුන්ගේ එම අසමසම ශක්තියයි. ජාතික ලිපගිනි සැපයුම්කරු ලෙස අප, වඩාත්පහසු ඉවුම්-පිහුම්ක්‍රමවේද හඳුන්වා දෙමින් ඔවුන්ගේ ජීවන මෙහෙවරට යම් සවියක් වීමට තීරණය කළා” යනුවෙන් ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ශාලිල මුණසිංහ මහතා සඳහන් කළේය.

“ගරු අම්මාවරුන් වෙනුවෙන්” වැඩසටහන සමග සම්බන්ධ වෙමින් පළමු ලිට්රෝ ගෑස් සිලින්ඩරය මිලදී ගැනීමේදී නොමිලයේ හිමිවන ගෑස් කුකරය සහ අනෙකුත් උපාංග තමන් සතුකරගන්නා ලෙස ලිට්රෝ ගෑස් සමාගම සමස්ත ශ්‍රී ලාංකේය අම්මාවරුන්ට ආරාධනා කරයි. සිය ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී, සමෘධි නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරී, විවාහ රෙජිස්ට්‍රාර් හෝ තමන් සේවය කරන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී යන ඕනෑම අයෙකුගෙන් නිර්දේශයක් ඉදිරිපත් කිරීමට හැකි ඕනෑම මවකට මෙම ප්‍රතිලාභ හිමි කරගත හැකි බවද එම සමාගම පවසයි.

ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන මවුවරු බොහෝවිට ඉවුම්-පිහුම් කටයුතු සඳහා දර භාවිත කරති. දර සපයා ගැනීමටද ආහාර පිසීමටද අධික කාලයක් ගතවන අතර දර දහනය මගින් පිටවන දුමහේතුවෙන් විවිධ සෞඛ්‍යමය ගැටළුද ඇතිවේ.මෙම වැඩසටහන හරහා, දිනපතා පවුලේ ආහාර පිසීමේ වගකීම උර මත දරා සිටින ශ්‍රී ලාංකේය අම්මාවරුන් අතර ගෑස් උඳුන ප්‍රවර්ධනය කිරීමත්, එමගින් ඔවුන්හට යම් අස්වැසිල්ලක් ලබාදීමත් ලිට්රෝ ගෑස් සමාගමේ අරමුණයි.

litro-gas2“සම්ප්‍රදායික දර වලට වඩා එල්පී ගෑස් භාවිතය වඩාත් පහසු බැවින් මවුවරුන්ගේ ඉවුම්-පිහුම් කටයුතු කඩිනමින් ඉටුකරගත හැකිවනවා. ඉවුම්-පිහුම් කටයුතුවලට අමතරව මෙරට අනාගතය බාරගැනීමට සූදානම්ව සිටින දූදරුවන්ගේ ඉදිරිගමන සවිබල ගැන්වීමට ද අඛණ්ඩව වෙහෙසෙන මවුවරුන්හට මෙම වැඩසටහන යම් සහනයක් වනු ඇති බව අපගේ විශ්වාසයයි”යයි ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ විකුණුම් සහ අලෙවිකරණ/ ආයතනික සම්බන්ධන්තා කටයුතු අධ්‍යක්ෂ චමින්ද එදිරිවික්‍රම මහතා ප්‍රකාශ කළේය.

ලිට්රෝ ගෑස් ලංකා සමාගම මෙරට විශාලතම එල්පීගෑස් ආනයන කරුමෙන්ම සැපයුම්කරු ද වෙයි. සමාගම සතු මෙරට එකම ආනයනික ගෑස් පර්යන්තය සහ පිරවුම් මධ්‍යස්ථානය සමස්ත දිවයිනේම එල්පී ගෑස් අවශ්‍යතාව සපුරාලීමේ හැකියාවෙන් යුතුය. ලිට්රෝ ගෑස් සමාගම, සිය සවිමත් බෙදාහැරීම් ජාලය හරහා සමස්ත දිවයිනම ආවරණය කරමින් ගෑස් බෙදා හැරීමෙහි නිරත වෙයි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.