Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

OPPO F3 Plus අලෙවිය දිවයින පුරා අදින් ඇරඹේ

OPPO F3 Plus අලෙවිය දිවයින පුරා අදින් ඇරඹේ

ලොව පුරා වේගයෙන් ජනප‍්‍රිය වෙමින් පවතින OPPO සන්නාමය යටතේ හඳුන්වා දෙන නවතම ස්මාර්ට් දුරකථනය වන OPPO F3 Plus අද සිට දිවයින පුරා අලෙවි කිරීම ආරම්භ වේ. OPPO ප‍්‍රථම වරට හඳුන්වා දෙන ද්විත්ව සෙල්ෆි කැමරා පද්ධතිය සහ ප‍්‍රථම අංශක 120 පුළුල් කෝණ සමූහ සෙල්ෆි කැමරාව මීට ඇතුළත් වී ඇත. අපේ‍්‍රල් 01 සිට මෙම දුරකථනය OPPO අන්තර්ජාල අලෙවිසල ඔස්සේ හෝ දිවයින පුරා පිහිටි ධඡුඡුධ අලෙවිසල් වෙතින් රු. 69,900 කට මිලදීගත හැකි වේ.


සෙල්ෆි කලාවේ තවත් ඉදිරි පියවරක් වන OPPO F3 Plus පිළිබඳව මීට ටික කලකට ඉහතදී අනාවරණය කරන ලද අතර ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළ සඳහා කල්තබා ඇණවුම් භාරගැනීම මාර්තු 24 සිට මාර්තු 31 දක්වා සිදුවිය. මෙසේ ඇණවුම් භාරදුන් පාරිභෝගිකයන්ට ප‍්‍රථම OPPO F3 Plus  දුරකථන කාණ්ඩය හිමිවූ අතර ඔවුන්ට විශේෂ ත්‍යාග ප‍්‍රදානය කිරීමටද සමාගම කටයුතු යොදා තිබිණි.

‘‘ශ‍්‍රී ලංකාව යනු OPPO නිෂ්පාදන සඳහා ප‍්‍රධාන පෙළේ වෙළඳපොළක් ලෙස අප සලකනවා. අපගේ නිෂ්පාදන සඳහා ක‍්‍රමයෙන් වැඩිවන ඉල්ලූම සපුරාලීමට අවශ්‍ය පියවර ගැනීම අපගේ ඉලක්කයයි. ප‍්‍රථම වරට ද්විත්ව සෙල්ෆි කැමරාවක් සමග එන OPPO F3 Plus දුරකථනය අද දින අප මේ ආකාරයට දියත් කරනවා. මෙය වැඩි පිරිසකට ඡුායාරූපවලට පෙනී සිටිමින් රිසි සේ සෙල්ෆි ගැනීමට අවස්ථාව ලබාදෙන දුරකථනයක්. මීට පෙර අප හඳුන්වා දුන් දුරකථන වගේම මේ නව OPPO F3 Plus Sefie Expert ස්මාර්ට් දුරකථනයත් පාරිභෝගිකයන් අතර අතිශයින් ජනප‍්‍රිය වේවි කියා අප සිතනවා.” OPPO Sri Lanka සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ටොම් සූ (Tom Zou) මහතා පැවසී ය.
ප‍්‍රථම ධඡුඡුධ ත්‍3 ඡුකමි දුරකථන අලෙවිය ජාඇල K-Zone පරිශ‍්‍රයේදී සිදුකෙරුණු අතර එම අවස්ථාවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ද සහභාගී වීම විශේෂත්වයක් විය. පාරිභෝගිකයන් සමග සෙල්ෆි අත්දැකීම බෙදාහදා ගත් මැතිව්ස් ප‍්‍රථම පාරිභෝගික පිරිසට සිය සමරු අත්සනද ලබාදුන්නේ ය.
සෙල්ෆි කලාවේ අලූත්ම විශේෂඥයා වන OPPO F3 Plus හි ද්විත්ව සෙල්ෆි කැමරා පද්ධතියක් ඇතුළත් වී ඇත. මින් එක් කැමරාවක් මෙගාපික්සල් 16 ඉදිරිපස කැමරාවක් වන අතර අනෙක සාමාන්‍ය අංශක 80 කැමරාවලට වඩා 105% ක පරාසයක් ආවරණය කළ හැකි අංශක 120 කෝණයක් සහිත කැමරාවකි. සෝනි සමාගම සමග එක්වී නිර්මාණය කර ඇති මෙගාපික්සල් 16 පසුපස කැමරාව විශිෂ්ට ගණයේ ඡුායාරූප ගැනීමට හැකිවන පරිදි සැකසූ විශේෂ අඟල් 1$2'8 IMX398 සෙන්සරයකින් යුක්ත වේ. විශාල F/1.7 කැමරා විවරය සහ සුවිශේෂී PDAF තාක්ෂණයද සහිත මෙය සුපැහැදිලි ඡායාරූප ලබාදීමේ හැකියා සහිත කැමරාවකි.
4ල000 ප්ය බැටරියක් සහිත OPPO F3 Plus සත්‍ය භාවිතයට සමානව සිදුකරන ලද පරීක්ෂණවලදී පැය 17 ක භාවිතා කාලයක් දක්වා ඇත. මෙම නිසා කෙනෙකුට තම ලබැඳියන් සමග එක්වී රිසි සේ සෙල්ෆි ගැනීමේ අවස්ථාව හිමි වේ. ක්ෂේත‍්‍රයේ තවත් පුරෝගාමී නිර්මාණයක් වන ඪධධක්‍ ත්‍ක්ිය ක්‍ය්රටසබට තාක්ෂණය නිසා දුරකථනය විනාඩි 5 ක් තරම් සුළු වෙලාවක් ආරෝපණය කිරීමෙන් පැය 2 ක කතා කාලයක්ද ලැබෙනු ඇත.
Octa-core ප්‍රොසෙසරයක් සහිතOPPO F3 Plus ස්මාර්ට් දුරකථනය 4GB RAM එකකින් සහ 64GB ROM එකකින් යුක්ත ය. එහි ද්විත්ව අවකාශ කාඞ් රඳවන තැටියෙහි Nano 4G SIM දෙකක් හෝ එක් Nano SIM එකක් සමග එක් microSD කාඞ් එකක් රැඳවිය හැකි අතර මතක ධාරිතාව 256GB දක්වා වැඩිකළ හැකි වේ. ColorOS 3.0 පද්ධතිය නිසා අඩු බලශක්තියකින් වැඩි කාර්යක්ෂම ක‍්‍රියාකාරීත්වයක් ලැබෙන අතර පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ ක‍්‍රමවේද සහ වයිරස් ස්කෑනර් ක‍්‍රමයක්ද මීට ඇතුළත් කර ඇත. එමෙන්ම OPPO F3 Plus ස්මාර්ට් දුරකථනයේ ඇඟිලි සලකුණු ක‍්‍රමය මගින් තත්පර 0.2 ක් තරම් සුළු කාලයක් තුළ දුරකථනය Unlock කළ හැකි වේ.
ලෝහමය නිමාවකින් යුතුව, අලංකාර ලෙස සහ අල්ලාගැනීමට පහසු ආකාරයෙන් OPPO F3 Plus ස්මාර්ට් දුරකථනය නිෂ්පාදනය කර ඇත. අඟල් 6 2.5D Gorilla Glass 5 තිරයට ආරක්ෂක ආවරණයක්ද ආලේපනය කර තිබේ. එම නිසා එහි අලංකාරය මෙන්ම කල්පැවැත්ම ඉහළ ගොස් ඇත.
OPPO F3 Plus ස්මාර්ට් දුරකථනයේ රන්වන් පැහැති දුරකථන අපේ‍්‍රල් 01 සිට දිවයින පුරා පිහිටි අලෙවිසල් වලින් රු. 69,990 කට මිලදීගත හැකි වේ.

ධඡුඡුධ පිළිබඳව
ධඡුඡුධ යනු ලොව ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික නිෂ්පාදන වෙළඳ නාමයකි. නිර්මාණශීලීත්වය සහ නවීනතම තාක්ෂණය කැටිවුණු නිර්මාණ නිපදවන එය එම නිෂ්පාදන ඇමරිකාව, අප‍්‍රිකාව, යුරෝපය, ඕෂනියාව සහ ආසියාව වැනි කලාපවල බෙදාහරී. තමන් විසින්ම තම නිෂ්පාදන සැලසුම් කිරීම, නිෂ්පාදනය කිරීම සහ ප‍්‍රවර්ධනය කිරීම සිදුකරන OPPO සමාගම සෑම විටම සිය පාරිභෝගිකයන්ට සුවිශේෂී හා විශිෂ්ටතම නිෂ්පාදන තිළිණ කිරීම සඳහා කැපවී සිටී.
2004 වර්ෂයේදී ආරම්භ වූ OPPO එහි නිර්මාණශීලී බව සහ විශිෂ්ටත්වය හඹා යාම වැනි කරුණු නිසා වෙළඳපොළ තුළ වේගයෙන් ජනප‍්‍රිය විය. පාරිභෝගිකයන් ගේ අවශ්‍යතා සඳහාම විශේෂයෙන් නිර්මාණය කළ, සුවිශේෂී විශේෂාංග හා ගුණාංග රැුසක් සෑම ධඡුඡුධ නිෂ්පාදනයකම ඇතුළත් වේ. 2008 වසරේදී ජංගම දුරකථන වෙළඳපොළට පිවිසුණු OPPO ඉන් වසරකට පසුව ජාත්‍යන්තර වෙළඳපොළ වෙතද ව්‍යාප්ත විය. 2015 වසර අවසානය වනවිට OPPO සන්නාමය රටවල් 140 ක ලියාපදිංචි වී තිබුණු අතර, එම ජංගම දුරකථන රටවල් 20 කදී (සහ අන්තර්ජාලය හරහා තවත් රටවල් 50 කදී* මිලදීගත හැකි වේ.
OPPO නිෂ්පාදන ජංගම දුරකථනවලට පමණක් සීමා නොවේ. මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපීය රටවලට විශිෂ්ට තලයේ ඊකම-ර්හ ප්ලේයර් හඳුන්වා දීමටද OPPO කටයුතු කර ඇත.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.