Menu

logo new 2015-5-11

Shamrock-png

පරිප්පු බදු අඩුවි තෙල් බදු වැඩිවේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යාංශය විසින් පරිප්පු ආනයන බද්ද අඩු කර ඇති අතර, පොල්තෙල් නොවන වෙනත් ආහාරයට ගන්නා තෙල් වර්ග (පාම් ඔයිල්) සඳහා අයකරන ආනයන බද්ද වැඩි කර ඇත.

Read more...

මැණික් නගී..

පුෂ්පරාග, ගෙවුඩ යන මැණික් වර්ගයන්හි මිල ශීඝ්‍ර ලෙස ඉහල නැග ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ ජි.ඩබ්.අමරසිරි සදහන් කර සිටියේ පවතින කාලගුණය හා ශ්‍රම හිගය විසින් මේ තත්වය උදා වී ඇති බවයි.

Read more...

පැලවත්තේ මහ කන්නයේ උක් ඇඹරේ.

බුත්තල - පැලවත්ත සීනි කර්මාන්ත ආයතනයේ මහ කන්නය සඳහා උක් ඇඹරීම ඊයේ (04) සුභ මොහොතින් ආරම්භ විය. මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සහ වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාරද එක්ව සිටියේය.

Read more...

දූෂණ වැසි වසිද්දීත් හොදම ගුවන් සේවා සියය අතරට ලංකාවත්

ශ්‍රී ලංකා එයාර් ලයින්ස්හි සිදුව ඇති බිලියන ගණනක වංචාවන් පවතිද්දීත් පසුගිය වසරේ (2014) ලෝකයේ හොඳ ම ගුවන් සේවා අතරින් Sri Lankan Airlines සමාගමට 73 වන ස්ථානය හිමිව තිබේ.

Read more...

2018 දී අපේම ගෑස් අපටම

ගොඩබිම සිට කිලෝ මීටර් 800 ක් දක්වා දුරකට විහිදෙන මුහුදු සීමාවක් 2018 වසරේදී ලංකාවට අයත්වීමට නියමිත බවත් එම මුහුදු ප්‍රදේශයේ ඛනිජ තෙල් සහ ගෑස් සම්පත තිබෙන බවට විශ්වාස කරන බවත් සමුද්‍ර කටයුතු ලේකම් කාර්යාලයේ (National Ocean Affairs Committee) සභාපති, ක්‍රිස් තිලක ශ්‍රී ධර්මකීර්ති මහතා සඳහන් කරයි.

Read more...

විකුණනවා නම් ගාණ ගැසිය යුතුයි.

මෝටර් රථ සහ නිවාස අලෙවි කිරීමේදී ඒවායේ මිල සටහන් කිරීම අනිවාර්ය කර ඇතැයි පාරිභෝගික අධිකාරිය පවසයි. පාරිභෝගික අධිකාරි පනතේ 26 වන වගන්තියට අනුව ඕනෑම භාණ්ඩයක අලෙවි මිල සටහන් කර තිබීම අනිවාර්ය වේ.

Read more...

තේ මිල පහලට අපනයනය ඉහලට

මෙරට තේ අපනයනය පසුගිය මාර්තු මාසයේදී 18.7% කින් පහත වැටී පැවැති අතර මාර්තු මාසයේ තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 25.2ක් වන අතර එහිදී ලද ආදායම රුපියල් බිලියන 15.1ක්. තේ මිල පහත වැටීම හේතුවෙන් අපනයන ආදායමද මාර්තු මාසයේදී 25.7% කින් පහත වැටිනි.

Read more...

අල ලූණු බදු ඉහලට

ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු බද්ද වහා ම ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අර්තාපල් කිලෝග්‍රෑම් එකක් ආනයනයේ දී අයකළ රුපියල් 40ක බද්ද රුපියල් 55 දක්වාත් රුපියල් 10ක් ව පැවැති ලොකු ලූණු කිලෝ ග්‍රෑම් එකක් සඳහා මෙතෙක් අය කළ ආනයන බද්ද රුපියල් 30ක් දක්වාත් ඉහළ දමා ඇත.

Read more...

මහ බැංකුව පොලී අනුපාත පහළ දමයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය පොලී අනුපාත අඩු කර ඇත. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 6.5 සිට සියයට 6.0 දක්‌වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 8.0 සිට සියයට 7.5 දක්‌වා ද අඩු කරනු ලැබ තිබේ.

Read more...

තේ මිල පහත වැටේ

කොළඹ තේ වෙන්දේසියේ තේ මිල පසුගිය සතිය තුළ තවදුරටත් පහත වැටුණා. මේ අනුව මේ වසරේ මුල් කාර්තුවේ තේ මිලෙහි සාමාන්‍ය 2013 වසරේ පැවති මිලටද වඩා පහළ මට්ටමක පැවතීම විශේෂත්වයක්.

මාර්තු මාසයේ තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රුපියල් 469.87 ක් වූ අතර, එය පෙර වසරට සාපේක්ෂව රුපියල් 54.23 ක පහත වැටීමක්. ජනවාරි සිට මාර්තු දක්වා කාලය සැලකූ විට කොළඹ තේ වෙන්දේසියේ තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රුපියල් 419.04 ක් වන අතර එය 2013 වසරේ සාමාන්‍යයට වඩා අඩු මිලක්.

Read more...

රාජ්‍ය සේවකයන්ට ලැබෙන කාර් පර්මිට් විකුණන්න පුළුවන් - රවී

රජයේ සේවකයින්ට තීරු බදු රහිතව වාහනයක් මිලදීගැනීමට ලබාදෙන වාහන බලපත්‍රය ඉදිරියටත් වෙනත් පාර්ශවයකට පැවරිය හැකි බවත් එය වෙනස් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් මුදල් අමාත්‍යවරයා පවසයි.

Read more...

secret selection රෙදි පිලි මාලිගය විවෘත වේ.

නව විලාසිතාවේ කාන්තා හා පිරිමි ඇදුම් ආයිතමින් සපිරි නව රෙදිපිළි මාලිගයක් secret selection නමින් කොළඹ 05, තිබිරිගස්යාය පාරේ අංක 106 දරණ ස්ථානයේ දී ඊයේ (06) විවෘත කරනු ලැබීය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.