Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

සයිබර් ප්‍රහාරය උතුරු කොරියාවේ වැඩක් ?

සයිබර් ප්‍රහාරය උතුරු කොරියාවේ වැඩක් ?

මෑත කාලයේ වාර්තා වූ දරුණුම සයිබර් ප්‍රහාරය ගැන මේ දිනවල ලොව පුරා විශාල ආන්දෝලනයක් සහ නොසන්සුන්තාවක් හටගෙන තිබේ. WannaCry යන නාමයෙන් හැඳින්වෙන වෛරසයක් හරහා එල්ල වූ මෙම ප්‍රහාරයට මේ වනවිට ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක පරිගණක ජාල ගොදුරු වී ඇති බව වාර්තා වෙයි. මෙය සැලකෙන්නේ සයිබර් ප්‍රහාර ඉතිහාසයේ දරුණුම සහ සංකීර්ණම ප්‍රහාරයක් වශයෙනි.

මෙම ප්‍රහාරය මෙතෙක් කවරෙකු විසින් සිදු කරන ලද්දේද යන්න පිළිබද කරුණු වාර්තා නොවුනත් විදෙස් මාධ්‍යයක් විසින් වාර්තා කර සිටියේ මෙය උතුරු කොරියානු බලපෑමෙන් සිදුවූ දෙයක් බවත් එය තීරණය කිරීමට ඔවුන් පෙළඹී ඇත්තේ පසුගිය කාලයේ සිදුවූ දරුණු ගණයේ මිසයිල අත්හදා බැලීම් මගින් යම් බලපෑමක් ලොවට කිරීමට ඔවුන්ගේ යුද ශක්තිය පෙන්වීමට උත්සාහ ගැනීමක් වශයෙන් බවත් සයිබර් ප්‍රහාරයක් මගින් ඔවුන් සතු පරිගණක බලපෑම ලොවට පෙන්වීමට බවද එම වාර්තා සදහන් කොට සිටී.

මීට අදාළ වෛරසය පරිගණකයකට ඇතුළු වූ විට එය විසින් අදාළ පරිගණකයේ ක්‍රියාකාරිත්වය මුළුමනින්ම නතර කරනු ලබයි. ඉන්පසු කිසිවකුට පරිගණකය සමග කටයුතු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැත. මෙය එක්තරා ආකාරයකින් එම පරිගණකය ‘ප්‍රාණ ඇපයට’ ගැනීමක් හා සමානය. අනතුරුව ප්‍රහාරකයන් දැනුම් දෙන්නේ කිසියම් කප්පම් මුදලක් ගෙවන තුරු පරිගණකය නිදහස් නොකරන බවයි. ඒ අනුව නැවත පරිගණකය ක්‍රියාත්මක කිරීමට හැකි වන්නේ අදාළ කප්පම ගෙවීමෙන් පසුව පමණි.

මේ වනවිට ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් රැසක පරිගණක පද්ධති මෙම වෛරසයට ගොදුරු වී අවසන්ය. ඉහළම මට්ටමේ ව්‍යාපාරික සමාගම් රැසක්ද ඒ අතර වෙයි. මහා බ්‍රිතාන්‍යයේ රෝහල් ඇතුළු සෞඛ්‍ය සේවා ආයතනද මෙම ප්‍රහාරයට ගොදුරු වූ ප්‍රධාන ඉලක්කයකි. මේ නිසා බොහෝ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු අඩාල වූ බැව් වාර්තා විය. ශල්‍යකර්ම ආදිය පවා අවලංගු කර දැමීමට සිදු වූ බවද බ්‍රිතාන්‍ය මාධ්‍ය හරහා අනාවරණය විය. ඇමෙරිකාව, ජර්මනිය, රුසියාව, ස්පාඤ්ඤය, ප්‍රංශය, චීනය, දකුණු කොරියාව, පෘතුගාලය, ඉන්දුනීසියාව ආදී රටවල්ද ප්‍රහාරයට ඉලක්ක වූ ප්‍රධාන රටවල් ලෙස සඳහන් විය. දරුණුම ප්‍රහාරය එල්ල වී ඇත්තේ රුසියාවට බවද සැලකේ. එහි බැංකු, දුම්රිය සේවා සහ ජංගම දුරකථන සේවා ආදිය මීට ගොදුරු වී ඇති බව සඳහන් වෙයි. ඉන්දියාවද වැඩියෙන්ම ප්‍රහාරයට ලක් වූ රටක් ලෙස මේ වනවිට ප්‍රකාශයට පත්ව තිබේ. ඇතැම් රටවල විශ්වවිද්‍යාල වැනි අධ්‍යාපන ආයතන පවා ප්‍රහාරයට ලක්වීම නිසා සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පවා අඩාල වී ඇතැයි අනාවරණය වෙයි.

ඉහත කිසියම් හැකර්වරුන් පිරිසක් විසින් සොරා ගනු ලැබ අන්තර්ජාලයට මුදා හැර තිබූ අතර WannaCry වෛරසයේ නිර්මාතෘවරුන් ඒවායේ උදව්වෙන් මෙම වෛරසය නිපදවා ඇති බවයි පැවැසෙන්නේ.

සුළභව හමුවන වෛරසවලට වඩා මෙම වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන දරුණු වෛරසයක් බවට පත්ව තිබේ. ඊට හේතු වී ඇත්තේ එය ස්වයංක්‍රීයව පරිගණක පද්ධතිවලට ඇතුළු වීමට දක්වන සමත්කමය. බොහෝ විට වෛරසයක් පරිගණකයකට ඇතුළු වන්නේ කෙනකු කිසියම් ඊමේල් පණිවුඩයක් වැනි යමක් විවෘත කිරීමත් සමගය. නමුත් WannaCry වෛරසයට එවැනි කිසිවකින් තොරව වුවද පරිගණකයකට ඇතුළු වීමේ හැකියාව ඇති බව පළවෙයි. ඉන්පසු එම පරිගණකය සමග සම්බන්ධව ඇති සමස්ථ පරිගණක ජාලයක්ම ප්‍රාණ ඇපයට ගැනීමට මීට හැකියාව තිබේ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.