Menu

logo new 2015-5-11

Shamrock-png

ගඩාෆිගේ පුතා නිදහස්

ගඩාෆිගේ පුතා නිදහස්

ත්‍රස්ත කණ්ඩායමක් විසින් සිරගත කොට සිටි ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆිගේ දෙවැනි පුත්‍රයා වන සෙයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි විශේෂ සමාවක් යටතේ නිදහස් කොට ඇති අතර මින් රටේ පවතින අර්බුදකාරී තත්ත්වය වඩාත් වැඩිවනු ඇතැයි පැවැසෙයි. පසුගිය වසර හයක කාලයක් සින්ටාන් නගරයේ රඳවා සිටි මොහු ගඩාෆිගෙන් පසු ඔහුගේ තැන ගන්නා පුද්ගලයා ලෙස ප්‍රකටව සිටියේය. පසුගිය සිකුරාදා නිදහස් වූ බව පැවැසූ ඔහු මේ වනතුරු ප්‍රසිද්ධ හමුවකට පැමිණ නැත.

මේ වනවිට තම ඥාතීන් සමග බෙයිඩා නගරයේ සිටින බව කියැවෙන සෙයිෆ් අල් ඉස්ලාම් නිදහස් කළේ අන්තර්වාර රජයේ ඉල්ලීමකට අනුව බව ඔහු සිර කරගෙන සිටි කණ්ඩායම පවසයි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.