Menu

logo new 2015-5-11

Shamrock-png

භූ කම්පනයෙන් මිය ගිය ගණන 3200යි

නේපාලයට බලපෑ ප්‍රබල භූ කම්පන තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ ගොස් ඇත. ඒ අනුව මේ වනවිට පුද්ගලයින් 3200ක් පමණ මියගොස් ඇති අතර 6500ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පෙරේදා දිනයේ නේපාලයේ කත්මණ්ඩු අගනුවර ආසන්නයේ රිකටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් සිදුවු අතර පසුව ඊයේ දිනයේ 6.7 ක තවත් ප්‍රබල භූ කම්පනයක් සිදුවුණි.

Read more...

ඉරානය තානාපති සේවයේ කාන්තාවක්

එක්දහස් නවසීය හැත්තෑ නවය වසරේ සිදු වූ ඉස්ලාමීය විප්ලවයෙන් පසු ප්‍රථම වරට කාන්තාවක් තානාපති ධුරයකට පත් කිරීම සඳහා ඉරානය පියවර ගනියි.
ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශයේ වර්තමාන මාධ්‍ය ප්‍රකාශකවරිය ලෙස කටයුතු කරන මාර්සියා ඇෆ්කාම්, තානාපති සේවයේ යෙදීමට නියමිත රට සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු ලැබී නැති බවයි එරට ප්‍රවෘත්ති සේවයක් සඳහන් කළේ.

Read more...

මාලදිවයින් හිටපු ජනාධිපති අත්අඩංගුවට

මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් අද (22) සවස අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණය නියෝග කොට ඇත.
නෂීඩ් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු විසින් තම පාලන කාලය තුළදී සිදුකළ වංචා දූෂණ හා නීතිවිරෝධී කටයුතු සම්බන්ධයෙනි.

Read more...

ඉන්දියාව ආරක්ෂාවට සියල්ලෙන් සන්නද්ධ නැවක් තනයි

ඉන්දියානු සාගරයේ ආරක්ෂාව සදහා ඉන්දියාව විසින් රුපියල් කෝටි 5000ක වියදමින් යුධ නැවක් නිර්මාණය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ. ඉන්දියානු සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙකී පියවර ගැනීමට හිටපු අගමැති මන්මෝහන් සිංග්ගේ පාලන කාලය තුළ කැබිනට් මණ්ඩලය සදහා යෝජනාවක් ගෙනාවද ඒ සදහා අනුමැතිය හිමි නොවූ අතර වත්මන් අගමැති නරේන්ද්‍ර සිංග් මෝඩි යටතේ ඒ සදහා අනුමැතිය හිමිව ඇත.

Read more...

සිරියානු හමුදාව වැරදි කොට නෑ - ජනපති බෂර් අල් අසාද්

සිව් වසරක් පුරා පවතින යුද්ධයෙන් සිරියාවේ ඇති වී තිබෙන මානවීය අර්බුදය සම්බන්ධයෙන් තමාට වගකිව නොහැකි බව සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් පවසයි.

Read more...

දිල්ලිය කෙජිරිවාල්ට

දිල්ලි ප්‍රාන්ත මැතිවරණයෙන් භාරතීය ජනතා පක්‌ෂය පරදවා අරවින්ද් කෙජිරිවාල්ගේ ආම් ආද්මි පක්‌ෂය ජය ගන්නා බව ඉන්දීය මාධ්‍ය කියයි.

Read more...

තෙවැනි ලෝක යුද්ධය න්‍යෂ්ටික යුද්ධයක් වීම අනිවාර්යයි. - ගොර්බචේව්

සෝවියට් සංගමයේ අවසාන ජනාධිපති වූ මීහයිල් ගොර්බචේව් රුසියාව සමග නව සීතල යුද්ධයකට මුලපිරීම ගැන 25දා එක්සත් ජනපදයට චෝදනා කල අතර ගැටුම න්‍යෂ්ටික තුන්වැනි ලෝක යුද්ධයක් කරා ඔඩු දිවිය හැකි බවට බිය පල කලේය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.