Menu

logo new 2015-5-11

Shamrock-png

රේවතේ කොලුකාරයා ඉවත් කිරීම වෙනුවට කොල්ලන් ඉවත් කිරීමේ වැඩපිළිවෙලක්

රේවතේ කොලුකාරයා ඉවත් කිරීම වෙනුවට කොල්ලන් ඉවත් කිරීමේ වැඩපිළිවෙලක්

බලපිටිය රේවත විද්‍යාලයේ මේ වන විට උද්ගතව ඇති තත්වය හේතුවෙන් විවිධ මතවාදයන් පැතිරෙමින් පවතී. කෙසේ නමුත් අද දිනයේද පාසල වෙත ගුරුවරුන් 61 දෙනෙකු අතරින් වැඩි පිරිසක් පැමිණ සිටි අතර මේ පිරිස පැමිණියද සිසුන්ට ඉගැන්වීමේ කටයුතු සදහා සහභාගී නොවූ බව වාර්තාවේ.

බලපිටිය රේවත විද්‍යාලයෙහි උද්ගතව ඇති මේ තත්වයට හේතුව ලෙස විදුහල්පතිවරයාගේ පාර්ශවයේ සිටින ගුරුවරුන් හා අනෙකුත් පිරිස සදහන් කරන්නේ පාසල් විනයට පටහැනි ලෙස කටයුතු කරනු ලබන සිසුන් පිරිසක් ඉවත් කරන තෙක් ඉගැන්වීමේ කටයුතු වල නිරත නොවන බවයි.
කෙසේ නමුත් 3000ක් පමණ වන සිසුන් අතරින් බහුතරයක් සිසුන් සදහන් කොට සිටින්නේ මෙකී තත්වයට හේතුව විදුහල්පතිවරයාගේ ක්‍රියා කලාපය බවයි. ඔහුගේ හැසිරීම් රටවක් සම්බන්ධයෙන් පාසලේ පිරිමි දරුවන් විටින් විට දෙමාපියන්ට හා ගුරුවරුන් දැනුවත් කළද විදුහල්තිවරයාගේ ඇති දේශපාලන සම්බන්ධතා සමග ඒවාට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයන් ගැනීමට ගුරුවරුන්ද නොපෙළඹී ඇත.

පහත දැක්වෙන්නේ අදාළ විදුහපතිවරයා පිළිබද එහිද ආදි සිසුවෙකු අප වෙත එවා තිබූ පණිවුඩයකි.

රේවතේ විදුහල්පතිතුමා ගැන අපි හොදටම දන්නවා. ඔය පත්තරේ යන්නේ වැරදි විස්තර.ඔය විදුහල්පතිතුමා සමලිංගික කෙනෙක්.එය ළමයින්ව පොළබව ගන්නවා සමලිංගික කටයුතු වලට. ඒවාට අපි ලග සාක්ෂි තියෙනවා.ඕක තමයි ඔය පාසලේ නොදන්නා රහස.ඔය විදුහල් පතිතුමා හැම එකකින්ම බේරෙනවා එයට ඉන්න ලොකු ලොකු මිනිස්සු පාවිච්චි කරලා.මෙය කලින් ආණ්ඩුව තියෙනකොට සජින් වාස්ගේ පැත්තේ. දැන් මේ ආණ්ඩුව තියෙනකොට මේ පැත්තේ ඉන්න ලොකු කෙනෙක් අල්ලගෙන එයාට තියෙන දුෂණ චෝදනා ඔක්කොම යට ගහ ගන්නව. පරීක්ෂණ කරන අයට අල්ලස් දෙනවා.මෙයා පොලිසියත් අල්ලාගෙන ඉන්නේ.මෙයාගේ සමලිංගික කටයුතු වලට විරුධව ළමයින් දීපු ලියුම් තියෙනවා.ලංකාවේ ඉන්න සියලුම පාසල් පරිපාලනයට සහ නීතියට සම්බන්ධව ඉන්න නිලධාරීන් ඔක්කොම ඇස් කන් පියාගෙන ඉන්නේ. ඔක්කොම කියනෙන් මෙයාව පරෙක්ෂණ කරනන් තරම් සාක්ෂි නැහැ කියලා. ළමයි දීපු ලියුම් , වීඩියෝ මදිද දැනෙන නැහැ මේ වගේ පුද්ගලයෙකුට විරුධව නඩු පවරන්න. ජාතික පාසල් වල මේ වගේ ළමයින්ට සමලිංගික කටයුතු කරන ය තිය ගැන හොද නැහැ. ඕකයි ඔය රේවතේ ජාතික පාසලේ ඇත්ත කතාව. මෙයට ඔය පාසැල ඇතුලේ එන්න දොඩන්ගොඩ කියන නියෝජ්‍ය විදුහල්පතිතුමා උදව් කරනවා.එක නිසා තමයි මෙයා දොඩන්ගොඩට එහෙම තනතුරක් දීල තියෙන්නේ. ගුරුවරුන්ට පාසැල වර්ජනය කරන්න කියල බලපෑම් කරලා තියෙන්නේ මෙම සරත් කියන විදුහල් පතිවරයා.මෙය කලින් හිටපු හැම තකම මෙහෙම තමයි ඉදල තියෙන්නේ .මොහුට තියෙන ලොකු අයගේ ආශීර්වාදය සහ මුහුගේ තිබෙන සල්ලි නිසා ලොකු පොඩි හැමෝම එකට යටවෙලා ඉන්නේ.මෙය ගැන ළමා රක්ෂණ අදිකරියත් දන්නවා එකටත් පැමිණිලි කරලා තියෙනවා . ඔය කතාවේ ඇත්ත දැන ගන්න පාසැල තුලට ගිහින් ගුරුවරුන්ගෙන් රහස්‍ය වාර්තාවක් ගන්න. එතකොට ඔක්කොම එලිවේවි. එහෙම නැත්නම් ආදිශිෂ්‍ය සංගමයේ නිලධාරීන් හම්බ වෙන්න. ඔබ සියලු මාධ්‍ය වලින් මම එල්ල සිටින්නේ මේ කතාවේ ඇතුලත විස්තරය ප්‍රචාරය කරලා මේ සමලිංගික දුෂිත විදුහල් පතිවරයා අධාපන ක්ෂේත්‍රයෙන් එලව දමන ලෙසයි. උඩින් පෙනෙන කතාව නෙමෙයි යටින් තිබෙන්නේ කියල හොදට අවධාරණය කර ගන්න. මොහු පත්තර වාර්තාකරුවන් පවා ආල්ලගෙන සිටින අයෙකි.

මීට අදාළ සිසුන් විසින් ඉදිරිපත් කොට ඇති ලිපි කිහිපයක්ද සාක්ෂ ලෙස අප සතුවද පවතින බව ද දන්වා සිටිමු.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.