Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

රාජපක්ෂගේ සුරතලියකට මෙත් පාලනයෙන් තායිලන්තයේ තානාපතිකමක්

රාජපක්ෂගේ සුරතලියකට මෙත් පාලනයෙන් තායිලන්තයේ තානාපතිකමක්

විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් ක්ෂේනුකා සෙනෙවිරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි තායිලන්තයේ තානාපතිනිය ලෙස පත් කොට ඇති බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ රෙජීමයේ එක් ප්‍රධාන පෙරළිකාර චරිතයක් වූ ක්ෂෙනුකා විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මංත්‍රී සජින් වාස් ගුණවර්ධනගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ කිට්ටු හිතවතියක් වූ අතර ජිනීවා හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ගොඩනැගිලි කොන්ත්‍රාත් කොටි සංවිධානය සමග සබඳතා තිබූ පුද්ගලයින් හට ලබා දීම සම්බන්ධව දැඩි විවේචනයන්ට ලක්ව සිටි තැනැත්තියකි.

ඉන්පසු එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස කල කටයුතු කල ඇය එකල ඇගේ සැමියා හා එක්ව දූෂිත ගනුදෙනු රැසක නිරත වීම සම්බන්ධව චෝදනා ලැබූවා ය.

මෑතක දී කීර්තිමත් රාජතාන්ත්‍රිකයකු වූ එක්සත් රාජධානියේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස්ට සජින් වාස් ගුණවර්ධන විසින් පහරදීම සම්බන්ධ සිද්ධියේ දී ද ප්‍රධාන චරිතයක් ක්ෂේනුකා රඟ දක් වා තිබිනි.

 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.