Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

රනිල් පස්ස දොරෙන් පත්වූ අගමැතිවරයෙක් - වාසු

රනිල් පස්ස දොරෙන් පත්වූ අගමැතිවරයෙක් - වාසු

ඉදිරි මැතිවරණ ෙයන් ජාතික ශ්‍රීලනිප නායකත්වය විසින් එජාපය ප්‍රමුඛ කර ගනිමින් එජාපයට අගමැතිකම ලබාදීමෙන් ජාතික ආණ්ඩුවක් ලෙස කටයුතු කරන තත්ත්වයක් පිළිබඳ මත පළවන බවත්, එළඹෙන මහ මැතිවරණයේදීද එජනිස හා එජාප වෙන වෙනම තරඟ කොට ආණ්ඩු පිහිටුවීමේදී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම කෙරෙහි විශ්වාසය තබන බවක් පෙනෙන්නට ඇති බවප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර කියා සිටියි.

අධිකරණයේදී අගවිනිසුරු ඉවත්කිරීමේ ප්‍රශ්නයේදීත්, ජෝන් අමරතුංගට එරෙහි විශ්වාස භංග යෝජනාවේදීත් ශ්‍රීලනිපය සමග තම පක්ෂයත්,මහජන එක්සත් පෙරමුණ,ජාතික නිදහස් පෙරමුණ, ආදී පක්ෂත් එක් ස්ථාවරයක සිටියද, අයවැය ඉදිරිපත් කිරීමේදී ශ්‍රීලනිපය ඊට පක්ෂව ඡන්දය භාවිතා කරන්නට තීරණය කිරීමත් සමග තමන් ඇතුළු පිරිස එම ස්ථාවරයට එරෙහිව ක්‍රියාත්මකවූ බවත් ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ බහුතරය මන්ත්‍රී බලයක් නොමැතිව අගමැතිවරයෙකු පත්කිරීමට ව්‍යවස්ථානුකූලව හැකියාවක් නැති බවත්, ඒ අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පස්ස දොරෙන් පත්වූ අගමැතිවරයෙකු බවත් නානයක්කාර මහතා කියා සිටියේ අද (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ වෙනුවෙන් විමල් වීරවංශ,මඑපෙ වෙනුවෙන් දිනේශ් ගුණවර්ධන,පිහෙඋ වෙනුවෙන් උදය ගම්මන්පිල ආදීන් සහභාගි විය.

අධිකරණ විනිසුරුවරයෙකු ඉවත් කළ හැක්කේද පාර්ලිමේන්තුවට යන කාරණයද ව්‍යවස්ථාවේ පවතින නමුත් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාව නොතකා හරිමින් කරනු ලැබූ මෙම කටයුතු පිළිබඳ තමන්ගේ අප්‍රසාදය හා විරෝධය පළ කරන බවද ඔහු සඳහන් කළේය.

 

1 comment

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.