Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

සයිටම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සමක් ගොනු කෙරේ..

සයිටම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සමක් ගොනු කෙරේ..

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ලබන 10 වන දා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසයි.

එහි ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා මහතා සඳහන් කළේ අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් පෙත්සම ගොනු කරන බවය .

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ලබා ගත් නීති උපදෙස් අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අදාෙළ පෙත්සම ගොනු කිරීමට තීරණය කර තිබේ.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුවියක විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සමකට අදාළව සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා නීත්‍යානුකූල බලයක් ඇති බව පසුගියදා අභියාචනාධිකරණය තීන්දු කළේය.

එමෙන්ම සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධි ලබා ගන්නා සිසුන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙසද අභියාචනාධිකරණය වෛද්‍ය සභාවට නියෝග කළේය.

මේ අතර සයිටම් ආයතනය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ලබන 9 වනදා පැවැත්වේ.

ජනතා විමුක්ති පෙරමුණේ ඉල්ලීමක් අනුව එම විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තු

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.