Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

රතන හිමිට ඇතුලෙන්ම විරෝධයක්

රතන හිමිට ඇතුලෙන්ම විරෝධයක්

ආණ්ඩු පක්ෂය විවේචනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය  අතුරලියේ රතන හිමි කළ ප්‍රකාශයට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී දැඩි විරෝධයක් එල්ල වී තිබේ.



 අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(6) පස්වරුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වීය.

 මෙම සතිය තුළ පාර්ලිමේන්තු වැඩකටයුතු සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

පසුගිය මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් බවට පුජ්‍ය අතුරලියේ රතන හිමි කළ ප්‍රකාශය පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී අංශු මාරසිංහ මහතා මෙහිදි ප්‍රශ්න කිරීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් උන්වහන්සේගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විරෝධය පළ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.