Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

අගමැතිගේ ජනපතිගේ අණ නොතකා ICTA ලොකු පුටුව ඇල්ලු මුහුන්දන් කවුද ?

අගමැතිගේ ජනපතිගේ අණ නොතකා ICTA ලොකු පුටුව ඇල්ලු මුහුන්දන් කවුද ?

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව පත්වන දින 100 ආණ්ඩුවෙහි තනතුරු අතර ජනාධිපති ලේකම් කාර්යාලය මගින් දියත් කරනු ලබන ICTA ව්‍යාපෘතියෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරනු ලබන මුහුන්දන් කනකේ නැමැති පුද්ගලයා.. එකී දින සියය ඇවෑමෙන් පසුවද අයි.සී.ටී.ඒ. ප්‍රධාන විධායක පුටුවෙහි රජ කරමින් සිටීම මේ වනවිට අර්බුදකාරී තත්වයකට පත්ව ඇත.

මුහුන්දන් කනකේ අයි.සී.ටී.ඒ. අධ්‍යක්ෂ මණ්ඩලයේ පමණක් කටයුතු කරන ලෙස පත් කළ අතර එකී සීමාව ඉක්මවා කටයුතු කිරීමට ඔහු යොදාගත් බලය වූයේ ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සමාජ ජාලා මාධ්‍ය ව්‍යාපෘතිය තමන් විසින් සිදුකළ බැවින් මෙකී තනතුරෙහි තමන්ට බලය දී ඇත්තේ ජනාධිපතිවරයා විසින් බව පවසමිනි.
එහෙත් පසුගිය කාලය තුළ විටින් විට මෙම අර්බුදය හේතුවෙන්ම ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් මොහුට අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පමණක් වැඩ කරන ලෙසත් විධායක නිලය සදහා බලපෑම් සිදු නොකර ලෙසත් දන්වා ඇත.
කෙසේ නමුත් මොහුට ලැබෙන වෙනත් දේශපාලන තල්ලුවක් විසින් ඔහු එකී අවවාදයන්ද ඉවතලා විධායක පුටුවේ කටයුතු කිරීමට තරම් බලවත් වී ඇත.
මුහුන්දන් කනනේ විසින් මෙකී බලය යොදවා ගුගල්ලූන් ව්‍යාපෘතිය තම අණසකට යටත් කොටගෙන එය තමන්ද අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින කුඩා පරිමාන සමාගමක් වන රාම ගෘප් සමාගම වෙත පැවරීමට කටයුතු යෙදීම පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට පත් වූ කරුණක් විය. එහෙත් එකී අන්තර්ජාල සංඛ්‍යාත දෙදෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් සිටින රාම ගෘප් වෙත පවරා ගැනීම විසින් ලංකාවේ රාජ්‍ය සම්පතක් වන අන්තර්ජාල සංඛ්‍යාතයන්හි ආරක්ෂිත බව හා ඒ සදහා වන ඉපයීම් බිලියන ගණනින් අදාළ සමාගම වෙත පවරා ගැනීමට මොහු සමත්ව ඇත.
මේ වන විට අන්තර්ජාල සංඛ්‍යාත මෙගාහර්ට්ස් 700ක් ඇති ලංකාවෙහි තනි අධිකාරිය මොවුන් විසින් පවරා ගැනීමෙන් දැවැන්ත රාජ්‍ය පාඩුවක් මෙන්ම සංඛ්‍යාත අනාරක්ෂිත බවට පත්ව ඇත.
අන්තර්ජාල විශේෂඥයින් සදහන් කර පරිදි ලෝකයේ බොහෝ රටවල මෙවැනි සංඛ්‍යාත බෙදාහැරීමක් සිදුකරන්නේ මහා සමාගම් විසින් වන අතර එයට හේතු වී ඇත්තේ සමාගම් මගින් යොදවන කාර්යක්ෂමතාවය වඩා වැඩි අගයක් ගැනීම හේතුවෙනි. එවැනි මහා අන්තර්ජාල සමාගම් වන ඩයලොග් වැනි සමාගම් පවතිද්දී දෙදෙනෙකුගේ අධ්‍යක්ෂ මණ්ඩලය සමාජිකත්වයෙන් යුතු කුඩා පරිමාණ සමාගමකට මෙම බලය ලැබෙන්නේ කෙසේද යන්න ගැටලු සහගතය.
නාදන් සිවගණනාදන් හා මුහුන්දන් කනකේ නැමැති මොවුන් පිටුපස සිටින දේශපාලනඥයෙකු විසින් මොවුන් මෙහෙයවා මෙම අධික ලාභය කොටස් කර ගැනීමේ නිරත වී සිටින බවට තොරතුරු වාර්තාවේ.
මේ වන විටද ගූගල් ලූන් ව්‍යාපෘතිය නතර වන තැනට වැඩ කටයුතු යෙදී ඇති බවට තොරතුරු ද වාර්තාවේ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.