Menu

logo new 2015-5-11

Shamrock-png

ජනතාවට බදු බර පටවා ඇමතිවරුන්ට තවත් වාහන ගන්න හාර කෝටියක්

ජනතාවට බදු බර පටවා ඇමතිවරුන්ට තවත් වාහන ගන්න හාර කෝටියක්

ආණ්ඩුවේ ඇමැතිවරුන් 07 දෙනකුට රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනකුට හා නියෝජ්‍ය ඇමැතිවරයකුට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් හතළිස් නව කෝටි හතළිස් නව ලක්ෂ හැට දෙදහස් හත්සිය අනූවක (රු 494,962,790) මුදලක් ඉල්ලා ආණ්ඩු පක්ෂ සංවිධායක, පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ (07) පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවටඉදිරිපත් කර තිබේ.

ඒ අනුව විශේෂ කාර්යභාර ඇමැතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් හාරකෝටි විසි හය ලක්ෂයක (රු. 42,600,000) මුදලක්ද, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් හාරකෝටි විසිලක්ෂයක (රු. 42,000,000) මුදලක්ද, වාරි මාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යවරයාට හා රාජ්‍ය ඇමැතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් අටකෝටි හැට ලක්ෂයක (රු. 86,000,000) මුදලක්ද, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමැතිවරයාට වාහනයක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් හාරකෝටි දසලක්ෂයක (රු. 41,000,000) මුදලක්ද, සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමැතිවරයාට රුපියල් හාරකෝටි තිස්ලක්ෂයක (රු. 43,000,000) මුදලක්ද, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැතිවරයාට වාහනයක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් හාරකෝටි තිස්ලක්ෂයක (රු. 43,000,000) මුදලක්ද, තිරසර සංවර්ධන හා වනජීවී ඇමැතිවරයාට රුපියල් හාරකෝටි තිස්ලක්ෂයක (රු. 43,000,000) මුදලක්ද ඉල්ලා මේ පරිපූරකය ඉදිරිපත් කර ඇත.
තවද කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් හාරකෝටි විසිපන්ලක්ෂ හතලිස් අටදහසක (රු. 42,548,000) මුදලක්ද, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය ඇමතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් හාරකෝටි තිස්ලක්ෂයක (රු. 43,000,000) මුදලක්ද, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමැතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් තුන්කෝටි දහතුන්ලක්ෂ හතලිස් එක්දහස් දෙසියපනහක (රු. 31,341,250) මුදලක්ද ඉල්ලා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබේ.
එසේම විපක්ෂ නායකවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් තුන්කෝටි හැත්තෑහතරලක්ෂ හැත්තෑ තුන්දහස් පන්සිය හතලියක (රු. 37,473,540) මුදලක්ද මෙම පරිපූරකයෙන් ඉල්ලා ඇත.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.