Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

දිනේෂ් පාර්ලිමේන්තුවෙන් දොට්ට දමයි - සතියක් තහනම්

දිනේෂ් පාර්ලිමේන්තුවෙන් දොට්ට දමයි - සතියක් තහනම්

සභාවේ කටයුතුවලට බාධාකිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද දවසේ පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වන තෙක් සභාවෙන් ඉවත් වන ලෙස කතානායක කරු ජයසූරිය මහතා දැන්වීය.

මෙම තීරණය ස්ථාවර නියෝග 74(1) යටතේ ගන්නා බවත් ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කණගාටුවන බවත් කතානායකවරයා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායම ස්වාධීනවීමට කළ ඉල්ලීමට කතානයකවරය විසින් ලබාදුන් තීරණයත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් මතු විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමේ යෝජනාවක් වැඩි ඡන්ද 63කින් අද(08) සම්මත විය.

සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය. අනතුරුව අමාත්‍ය සරත් අමුණුගම කියාසිටියේ ඡන්ද විමසීම නම් වශයෙන් සිදු කල යුතු බවයි.

ඒ අනුව ඡන්ද විමසීම නම් වශයෙන් සිදු කෙරුනු අතර යෝජනාවට පක්ෂව ඡන්ද 85ක් හිමිවු අතර විපක්ෂව ඡන්ද සංඛ්‍යාව 22ක් හිමිවිය.

මන්ත්‍රීවරුන් 114 ක් ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ සභා ගර්භයේ රැඳී නොසිටි අතර මන්ත්‍රීවරුන් 3 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට අද සභාවේ කටයුතුවලට බාධා කිරීම හමුවේ ඔහු පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට කථානායකවරයා වේත්‍රධාරීවරයාට නියෝග කළේය.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත් නොවූ අතර අනතුරුව ඔහු ඉවත් කරන ලෙසට කථානායකවරයා යළිත් වේත්‍රධාරීවරයාට නියෝග කළේය.

පසුව කරු ජයසූරිය මහතා විසින් සභාව විනාඩි කිහිපයකට කල් තබනු ලැබීය.

යළිත් සභාව රැස්වීමෙන් අනතුරුව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට සති දෙකක් පාර්ලිමේන්තුව තහනම් කල යුතු බවට යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය.

මෙම ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේදී ද මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සභා ගර්භයේ රැඳී සිටියහ.

 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.