Menu

logo new 2015-5-11

Shamrock-png

ආබාධිත රණවිරුවන්ට දිමනා නෑ

ආබාධිත රණවිරුවන්ට දිමනා නෑ

ක්‍රියාන්විත රාජකාරියේ දී ආබාධිත වූ හෝ මිය ගිය රණ විරුවන් වෙනුවෙන් ලැබෙන දුබලතා විශ්‍රාම වැටුපට අදාල දීමනා කප්පාදුවක් සිදුකර ඇති බව ආබාධිත රණ විරුවෝ පවසති.

අද (10) දිනයේ සිය විශ්‍රාම වැටුප් ලබා ගැනීමට ගිය තමන්ට ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලින් දන්වා සිටියේ මාර්තු මාසයේ සිට මිය ගිය හෝ ආබාධිත නිලධාරියකු වෙනුවෙන් වයස 55 දක්වා මාසික වැටුප ගෙවමින්, විශ්‍රාම වැටුප් ගෙවීමේ දී එකතු කළ අතුරු දීමනා සහ අයවැය දීමනාව අත්හිටුවා ඇති බවය. මේ හේතුව නිසා රුපියල් 6000 ක උපරිමය කට යටත්වන පරිදි ආබාධිත රණ විරුන්ට දුන් දීමනාව කප්පාදුවට ලක් වී ඇත.

1986 නිකුත් කළ චක්‍රලේකයකට අනුව ක්‍රියාන්විත සේවයේ දී ආබාධිත වන හෝ මියයන සොල්දාදුවන් වෙනුවෙන් සේවා වැටුප, සේවා විශ්‍රාම වැටුප හා දුබලතා විශ්‍රාම වැටුප යන වැටුප් ත්‍රිත්වයම හිමිවිය යුතු බවත් පවසන ඔවුන් මෙම වැටුප් කප්පාදුව පිළිබඳව ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලින් විමසීමේ දී ඒ පිළිබඳව පිළිගත හැකි පිළිතුරක් ලබා නොදුන් බවද චෝදනා කරති.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.