Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

2020 වන විට ගෙවිය යුතු ණය කන්ද ඩොලර් බිලියන 15000 යි

2020 වන විට ගෙවිය යුතු ණය කන්ද ඩොලර් බිලියන 15000 යි

ජය 2017 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාලය තුළ ගෙවිය යුතු සම්පූර්ණ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන පහළොස් දහසක් ලෙස ඇස්තමේන්තුගත කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී හෙළි කලේය.


ඇමෙරිකානු ඩොලර් කෝටි එක්දහස් පන්සියයක් එක් එක් වර්ෂය තුළදී වෙන් වෙන් වශයෙන් ගෙවීමට සිදුවන බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් අගමැතිවරයාගෙන් ප්‍රශ්න අසන වෙලාවේ ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.
මේ අනුව 2017 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන හාරදහස් අසූ අටක්ද, 2018 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන හාරදහස් එකසිය හැට හතරක්ද, 2019 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන තුන්දහස් දෙසීය නවයක්ද වශයෙන් අති විශාල ණය කන්දරාවක් ගෙවීමට ඇති බවද ඒ මහතා හෙළිදරව් කළේය.
ඉකුත් පාලන සමයේ ගත් මෙම ණය කන්දරාව ගෙවීමේ උගුලෙන් ගැලවීමට පදනම වැටී ඇත්තේ ජාතික ආණ්ඩුව නිසා බවද ඔහු කීවේය.
රාජ්‍ය ණය පද්ධතියෙන් සඟවා තිබූ ණය මුදල්, රාජ්‍ය ණය පද්ධතියට එකතු වීම නිසා ඇතිවුණු අර්බුදය ණය ගෙවීමේ ප්‍රතිව්‍යුහගත කිරීම්වලින් හෝ සමනය කර ගැනීමේ අවස්ථාවද ගෝලීය ආර්ථික අවපාතය නිසා අහිමි වී ගොස් ඇතැයිද අගමැතිවරයා පෙන්වා දුන්නේය.
මෙම අර්බුදයෙන් මිදීම සඳහා 2020 වන විට ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 6000 දක්වා සෘජු විදේශීය ආයෝජන ඇමෙරිකානු ඩොලර් බිලියන 5 දක්වාත්, අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක් දක්වාත් බදු ආදායම දළ දේශීය ආදායමෙන් 15ක අගය දක්වාත් ඉහළ නැංවීමට සැලසුම් කොට ඇත.
නිසි ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම තුළින් මෙරට දළ දේශීය නිෂ්පාදිතය 2024 වසර වනවිට දෙගුණයක් කර ගැනීමටත් 2035 වසර වනවිට ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කිරීමටත් අවකාශ සැලසෙන බවද අගමැතිවරයා එහිදී සඳහන් කළේය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.