Menu

logo new 2015-5-11

Shamrock-png

සයිටම් විරෝධයට කදුළු ගෑස් (update - photo)

සයිටම් විරෝධයට කදුළු ගෑස් (update - photo)

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පාගමනට පොලීසිය විසින් ජනාධිපති කාර්යාලය අසලදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් අද(13) දහවල් මෙම පා ගමන ආරම්භ කෙරුණු අතර, පුංචි බොරැල්ල - මරදාන පසුකරමින් විරෝධතාකරුවන් ටෙක්නිකල් මංසන්ධිය ඔස්සේ ජනාධිපති කාර්යාලය ආසන්නයට පැමිණි බවයි.

කෙසේ වෙතත් ලෝටස් වටරවුම අසළින් පොලීසිය මාර්ග බාධක යොදා තිබූ අතර ඒවා ඉවත් කර ඉදිරියට යාමට විරෝධතාවට එක්ව සිටි සිසුන් උත්සාහ කිරීමත් සමඟ මෙම කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

මෙම විරෝධතාව හේතුවෙන් ලෝටස් වටරවුම අසලින් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය මේ වනවිට තාවකාලිකව වසා දමා තිබේ.

Image may contain: one or more people, people standing, crowd, tree and outdoorImage may contain: one or more people, people standing, bridge, tree and outdoorImage may contain: 1 person, crowd and outdoorImage may contain: one or more people, crowd, tree, sky and outdoor

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.