Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

ආයතන ප්‍රධානීන් කොළඹ සමුළුවක. මිනිස්සු කොට උඩ

ආයතන ප්‍රධානීන් කොළඹ සමුළුවක. මිනිස්සු කොට උඩ

රාජ්‍ය පරිපාලන නිළධාරීන්ගේ රැස්වීමක් සදහා අමාත්‍යාංශය, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා උසස් නිළධාරීන් සියලු දෙනා පාහේ මේ වන විට බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාව වෙත පිටත්ව ගොස් ඇති බැවින් දෛනික රාජකාරී ඇණහිට තිඛේ. මේ අනුව, විවිධ සේවාවන් සදහා එම කාර්යාල වලට පැමිණෙන පුද්ගලයින්ට එම කාර්යාල වලින් ලැඛෙන පිළිතුර වී ඇත්තේ නිළධාරීන් රැස්වීමකට සහභාගී වී ඇති නිසා වෙනත් දිනයක පැමිණෙන ලෙසයි.

මෙම උත්සවය සදහා ජනාධිපතිවරයාද සහභාගී වීමට නියමිතව තිබිණි. ඒ අනුව මෙම නිළධාරීන් අද වැඩ නොකිරීමේ බර සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයා වෙත පටවමින් සිටින බව වාර්තා වේ. කෙසේ නමුත් දැනගන්නට ලැඛෙන පරිදි මෙම වැඩටහන පරිපාලන නිලධාරීන් විසින් සංවිධාන කර ඇති උත්සවයකි.
ජනාධිපතිවරයා ද අපහසුතාවයට පත් කරමින් සිදු කෙරෙන මෙවැනි වඩ පිළිබද ජනතාව දක්වන්නේ ඉමහත් අප්‍රසාදයකි. මෙවැනි උත්සව සති අන්තයේ දී හෝ වෙනත් නිවාඩු දිනක දී යොදා නොගන්නේ මන්දැයි ජනතාව ප්‍රශ්න කරති.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.