Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

එජාපයේ නායකත්වය වෙනසක්

එජාපයේ නායකත්වය වෙනසක්

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් එජාපයේ නව අප නායකවරුන් තිදෙනෙකු නම් කරනු ලැබීය. එක්සත් ජාතික පක්ෂයේ කාත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය දා රැස්වුණු අතර එහිදී විශේෂ තීන්දු තීරණ කිහිපයක්ම පිළිබඳව සාකච්ඡා විය. එක්සත් ජාතික පක්ෂය සදහා උප නායක තනතුරු 3ක් අලුතින් ඇති කිරීමට මෙහිදී විශේෂ යෝජනාවක් ඉදිරිපත් විය.

සරත් ෆොන්සේකා මහතාට , මංගල සමරවීර මහතාට හා රංජිත් මද්දුම බණ්ඩාර යන මන්ත්‍රීවරුන් එම උපනායක තනතුරු සඳහා පත් කිරීමටද මෙහිදී යෝජනා විය. මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ එ.ජා.ප. මහ ‍ලේකම් කබිර් හසීම් මහතාය. මෙම යෝජනාවට කිසිවෙක් විරුද්ධත්වයක් පළ නොකළහ. ඒ අනුව ඉදිරියේදී සරත් ෆොන්සේකා, මංගල සමරවීර හා රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් තිදෙනා ඉදිරියේදී එ.ජා.ප.යේ උප නායකවරුන් ලෙස පත්වීම් ලබනු ඇත.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.