Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

කෘත්‍යාධිකාරී මණ්ලඩය ආපසු හැරේ.. එජාපයේ තනතුරු වෙනසක් නෑ

කෘත්‍යාධිකාරී මණ්ලඩය ආපසු හැරේ.. එජාපයේ තනතුරු වෙනසක් නෑ

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (05) රැස්වුණු බවත් එහිදී එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවල වෙනසකම් සිදු නොකළ බවත් ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායිකා රේණුකා හේරත් මහත්මියගේ මියයෑමත් සමග හිස් වූ පුරප්පාඩුව පිරවීම සඳහා පළාත් සභා අමාත්‍යවරයෙක් පමණක් එහිදී පත් කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පැවැසීය.
මැයි දිනයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවල වෙනස්කම් රැසක් සිදු කිරීමට බලා‍පොරොත්තුවන බව පැවැසූ අමාත්‍යවරයා මේ ඔස්සේ රටේ ස්වර්ණමය යුගයක ආරම්භයක් සනිටුහන් වන බවත් පැවැසීය.
එමෙන්ම තනතුරු වෙනස්කම් සිදුකිරීමේදී දක්ෂතා තියෙන පක්ෂ නායකයන් මේ ඔස්සේ පත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.