Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

කැබින්ට් අනුමැතිය නොමැතිව රට හාල් ගෙනැවිත් සතොසට කෝටි 1515 අළාභයි

කැබින්ට් අනුමැතිය නොමැතිව රට හාල් ගෙනැවිත් සතොසට කෝටි 1515 අළාභයි

සතොස විසින් කැබිනට් අනුමැතිය නොමැතිව සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව පසුගිය ආණ්ඩු සමයේ මාස පහක කාලයක් තුළ සහල් මෙට්‍රික් ටොන් 2,57,559ක් ආනයනය කිරීම නිසා රජයට රුපියල් කෝටි 1515කට අධික අලාභයක් සිදුව ඇතැයි පාර්ලිමේන්තුවට ‍පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) ඉදිරිපත් කළ වාර්තාවක දැක්වේ.

ඉකුත් 2014 වසරේ සැප්තැම්බර් සහ 2015 පෙබරවාරි දක්වා කාලය තුළ සීමාසහිත ලංකා සතොස කළ සහල් ආනයන ක්‍රියාවලිය සම්බන්ධව මෙම කෝප් වාර්තාව එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඉකුත් සිකුරාදා (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එම කාලයේ තිබූ සහල් අවශ්‍යතාවය මත සහල් මෙට්‍රික් ටොන් 50000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා තිබුණද නිසි අනුමැතියකින් තොරව රුපියල් කෝටි 1165කට ආසන්න මුදලක් ගෙවා සහල් මෙට්‍රික් ටොන් 182,548,ක් ලංකා සතොස ගෙන්වා ඇතැයිද මෙම වාර්තාවේ දැක්වේ.රජයට මෙසේ අලාභ කරමින් සහල් ආනයනය කිරීමට දුන් නිලධාරීන්ට සහ එම සහල් ආනයනය කළ නිලධාරීන්ට නීතිය මගින් දඬුවම් ලබාදෙන ලෙසද කෝප් කමිටුව නිර්දේශ කර තිබේ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.