Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

මහින්දගේ ආණ්ඩුවේ සියලු දූෂණ තව මාසයකින් එළියට දානවා - රාජිත කියයි

මහින්දගේ ආණ්ඩුවේ සියලු දූෂණ තව මාසයකින් එළියට දානවා - රාජිත කියයි

පසුගිය රජය විසින් සිදු කළ මනුෂය ඝාතන, දුෂණ හා වංචා පිළිබද සියළු තොරතුරු තවත් මාස කිහිපයකින් රටට හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

එම හෙළිදරවිවෙන් පසු එකාබද්ධ විපක්ෂයේ ආයු කාලය අවසන් වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. ලබන මැයි මස පළවනිදා ගෝල්ෆේස් පිටියට පැමිණීමෙන් පසු රාජ්‍ය ආයතන වටලන බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ගාලුමුවදොර පිටිය ආසන්නයේ මාර්ග රැසක් ඇති බැවින් එවා වැටලීමට හැකියාවක් ඇති බවයි. ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරන අයුරින් ජනතාව එයට සහභාගි නොවනු ඇතැයි තමන් විශ්වාස පළ කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

කැබැතිගොල්ලෑව මූලික රෝහලේ වකුගඩු රුධිර කාන්දුකරණ ඒකකය අද (08) පස්වරුවෙි විවෘත කිරීමෙන් පසු මාධ්‍යෙවිදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව සදහන් කළේය.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඊයේ (07) ඉදිරිපත් කළ යෝජනා 04 රජයේ යෝජනා බවත්, ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි වූ බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව එම යෝජනා ක්‍රීයාත්මක කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.