Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

අව්වේ ගියොත් ඇහැට අමාරු වෙයි

අව්වේ ගියොත් ඇහැට අමාරු වෙයි

පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් අක්ෂි ආබාධ ඇතිවීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසා තිබේ.

හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වැළකී සිටින ලෙසට ජනතාවට උපදෙස් ලබා දෙන බව ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය දිල්රුක්ෂි ආරියසිංහ මහත්මිය සඳහන් කළේය.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ඊයේ දහවල් 12.12 ට ශ්‍රී ලංකාවේ නගර 7 කට හිරු මුදුන් වූ බවයි.

ඒ, අනුව කොච්චිකඩේ, අඹේපුස්ස, පේරාදෙණිය, දුණුවිල, මාදුරුඔ, බුලුපිටිය, සහ අඩ්ඩාලච්චේන එම නගර වේ.

සූර්යා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පිහිටීම මිට හේතුව බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක මහතා පැවසීය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.