Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

මීතොට මුල්ලේ මිය ගිය ගණන 27 දක්වා ඉහල යයි තවත් සිරුරු සොයා නිරීක්ෂණ

මීතොට මුල්ලේ මිය ගිය ගණන 27 දක්වා ඉහල යයි තවත් සිරුරු සොයා නිරීක්ෂණ

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමේ සිද්ධියේ මිය ගිය සංඛ්‍යාව 27ක් බව මේ වන විට තහවුරු වී තිබේ. පසුගිය 14දා පස්වරු 2.30ට සිදුවූ හදීසි මරණ වලින් පසු මේ වන විට පැය පනහකටත් වඩා ඉක්ම ගොස් ඇති බැවින් හෙට වන විට මෙම මළ සිරුරු බෙහෝ දුරට නරක් වනු ඇත. එමෙන්ම මේ දිනවල ප්‍රදේශයේ පවත්නා සෙල්සියස් අංශක 30ට වැඩි උෂ්ණත්වය හමුවේ මෙම නරක් වීමේ ශීඝ්‍රතාව තවත් ඉහළ යනු ඇතැයි පැවසේ. කෙසේ හෝ මෙම සිද්ධියෙන් පසු 40ක් පමණ පිරිසක් පිළිබඳව කිසිම තොරතුරක් නොමැති අතර ඔවුන්ට කුමක් සිදුවූයේ ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චය වී නොමැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයෙන් ලක්බිම ඔන්ලයින් වෙත තොරතුරු වාර්තා වී ඇත. එහෙත් මෙම අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව තවමත් නිල වශයෙන් ප්‍රකාශවී නැත.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදි මෙම සුන්බුන් අතරින් තවත් මළ සිරුරු සහ ඒවායේ කොටස් කිහිපයක් සොයාගත හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිතව අවදානම් මට්ටමේ පවතින තවත් නිවාස 130 ක් කඩිනමින් එම ස්ථානවලින් ඉවත් කළ යුතුව ඇතැයි ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානයේ නායයෑම් හා අවදානම් කළමනාකරණ අධ්‍යක්ෂ ආර්. එම්. එස්. බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ඒ ආශ්‍රිතව පවතින ඉතිරි නිවාස සඳහා ඉදිරිපත් කළ යුතු විසඳුම කුමක්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පවත්වමින් සිටින බවද බණ්ඩාර මහතා කීය.
දිගින් දිගටම කුණු එම ස්ථානය තුළ ගොඩගැසීම නිසා වැඩිවූ බර ‍පොළොව යටට ගිලා නොබසින විට එය පැත්තකට තල්ලු වීමට උත්සාහ ගන්නා බවත්, කුණු කන්ද නාය ගියේ එම හේතුව නිසා බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
වර්ෂාව දිගින් දිගටම පැවැතුණහොත් කුණු කන්දේ ඉතිරි කොටසේද නාය යාමේ අවදානමක් මතුවිය හැකි බවද ආර්. එම්. එස්. බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.