Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

මිතොටමුල්ලේ අවතැන් වූවන්ට ගෙවල් ජුනි මාසයේ

මිතොටමුල්ලේ අවතැන් වූවන්ට ගෙවල් ජුනි මාසයේ

මීතොටමුල්ල ඛේදවාචකයෙන් විපතට පත් වූවන් සඳහා ලබා දෙන නව නිවාස නාගරික සංවර්ධන අධිකාරිය මගින් හඳුනාගෙන ඇතැයි ද ලබන මැයි ජුනි ජූලි යන තෙමස තුළදී ඔවුන්ට එම නව නිවාස වල පදිංචියට යා හැකි වනු ඇතැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ වියට්නාම් සංචාරයකින් පසු අද අළුයම ශ්‍රී ලංකාවට පැමිණ අද පෙරවරුවේ මීතොටමුල්ල ප්‍රදේශයේ කරන ලද සංචාරයකදීය.

"මම ලංකාවේ නොසිටියාට මේ ප්‍රශ්නය ගැන ජනාධිපතිවරයා සමඟත් අදාල ඇමති වරු සමඟත් දුරකථනයෙන් සාකච්ඡා කළා. මේ වන විට ඒ අහිමි වූ නිවාස වල තිබූ බඩු බාහිරාදිය ගැන තක්සේරුවක් සිදු කෙරනවා. ලබන සිකුරාදා දිනය වන විට අපට ඒ තක්සේරු වාර්තාව ලැබෙයි. ඒ අනුවත් කටයුතු කිරිමට ඉදිරියේ බලාපොරොත්තු වෙනවා. අග්‍රාමාත්‍යවරයා කීය.

මෙම නිරික්ෂණ චාරිකාව සඳහා අමාත්‍ය සාගල රත්නායක මහතා ඇතුළු දේශපාලඥයන් සහ ආරක්ෂක හමුදා හා පොලිස් ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහභාගී වූහ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.