Menu

logo new 2015-5-11

Shamrock-png

කුණුවලට විසදුමක් සදහා ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

කුණුවලට විසදුමක් සදහා ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

අපද්‍රව්‍ය බැහැර කිරීම, ප්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම ආදිය වැළැක්වීම, ප්‍රමාද කිරීම හෝ අවහිර කිරීමට තැත් කිරීම වරදක් බවත් මෙවැනි ක්‍රියාවන් සඳහා බලපෑම් කිරීම, ජනතාව ප්‍රකෝප කිරීම හෝ අන් අන්දමකින් පෙළඹවීම මගින් අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන්ට බාධා කිරීම මෙන්ම ඒ සඳහා ලිඛිතව හෝ වාචිකව බලපෑම් කිරීමද දඬුවම් ලැබිය හැකි වරදක් බවත් සඳහන් කරමින් අද (20) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මහ නගර සභාව විසින් එකතුකරක කුණු දොම්පේ, ජා-ඇල, කරදියාන ආදී ප්‍රදේශවලට බැහැර කිරීමට ආණ්ඩුව තීරණය කළ නමුත් එම ප්‍රදේශවලට කුණු බැහැර කිරීමට විරෝධය දක්වමින් විරෝධතා දියත් කළේ ය.

කරදියාන සහ දොම්පේ කසළ ප්‍රතිචක්‍රීකරණය සිදු කරන මධ්‍යස්ථානවලට දිනකට බැහැර කළ හැකි කසළ ප්‍රමාණය ඉක්මවා නිකුත් කිරීමට එරෙහිව සහ එම කසළ දිරාපත්වන, ප්ලාස්ටික්, පොලිතීන් ආදී ලෙස වෙන් නොකර බැහැර කිරීමට එරෙහිව එම ජනතාව දිගින් දිගටම විරෝධතා දක්වන්නට වූහ. අද දින එම විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කැරලි මර්ධන පොලීසිය කඳුළුගෑස් සහ ජල ප්‍රහාරයක්ද එල්ල කර තිබුණි.

සියලු පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කිරීම යන්නට මුවා වී ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ එම විරෝධතා මර්ධනය කිරීමට යැයි දේශපාලන විචාරකයෝ පවසති.

අපද්‍රව්‍ය බැහැර කිරීම, ප්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම ආදිය වැළැක්වීම, ප්‍රමාද කිරීම හෝ අවහිර කිරීමට තැත් කරන ඕනෑම පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට එම ගැසට් නිවේදනය මගින් පොලීසියට බලය ලබා දී ඇත.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.