Menu

logo new 2015-5-11

Shamrock-png

යහපාලනය නිසා ආර්ථිකය හොදයි - ඇමරිකාව කියයි

යහපාලනය නිසා ආර්ථිකය හොදයි - ඇමරිකාව කියයි

යහපාලන රජය යටතේ පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවර භාවයකට පැමිණ ඇති බව අමෙරිකාව පවසයි.

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල සභික බිල් ජොන්සන් මහතා පෙන්වා දෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් එක්ව රට පාලනය කිරීම සුවිශේෂී අවස්ථාවක් ලෙස දකින බවය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමඟ මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදි බිල් ජොන්සන් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

උතුරේ ද සංචාරයක නිරත වී ඇති ජොන්සන් මහතා එම ප්‍රදේශවල ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ කටයුතු සේම සංවර්ධන කටයුතු ද සාර්ථක බව ප්‍රකාශ කර ඇත.

තවදුරටත් උතුරේ ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු යමක් වේ නම් ඒ සඳහා රජය පියවර ගනු ඇති බව තමා විශ්වාස කරන බව ද බිල් ජොන්සන් මහතා පවසයි.

මෙම සාකච්ඡාවේ දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දී ඇත්තේ යහපාලන රජය යටතේ රටේ සියලු ප්‍රදේශ සංවර්ධනය වෙමින් පවතින බවය.

ශ්‍රී ලංකාව මේ වන විට ජාත්‍යන්තර වශයෙන් ද සාර්ථකත්වය කරා ළගා වෙමින් ඇති බව රවී කරුණානායක අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂප් මහතා ද එක්ව සිටි බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.