Menu

logo new 2015-5-11

Shamrock-png

අධිකරණ වාරණ පැත්තක තබා සයිටම් විරෝධය ඇරඹේ..

අධිකරණ වාරණ පැත්තක තබා සයිටම් විරෝධය ඇරඹේ..

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (16) නිකුත් කළ තහනම් නියෝගය උල්ලංඝනය කරමින් අද (17) දිනයේ පැවැත්වීමට නියමිත සයිටම් විරෝධතා පෙළපාලිය සහ උද්ඝෝෂණය ඒ අයුරින්ම පැවැත්වීමට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය තීරණය කර ඇත.

අද (17) සහ හෙට (18) යන දෙදින තුළ කොළඹ වෝඩ් පෙදෙස, ශ්‍රී ලංකා ජාතික රෝහල, අක්ෂි රෝහල, උසස් අධ්‍යාපන අමාත්‍යංශය ආදී ප්‍රදේශයන් වලදී මහජනයාගේ සාමාන්‍ය කටයුතු වලට බාධාවන පරිදි කිසිදු පෙළපාලියක් හෝ උද්ඝෝෂණයක් සිදු නොකළ යුතු බවට 179 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පණතේ 106 (01) වගන්තියට අනුව මෙම නියෝගය පනවන ලද්දේ කොළඹ මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතා විසිනි.

ඒ කුරුඳුවත්ත පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවය.

කෙසේ හෝ අධිකරණ නියෝග මගින් ශිෂ්‍ය විරෝධතා මර්දනය කළ නොහැකි බව පවසන අන්තර් විශ්වවිද්‍යාලීය ශීෂ්‍ය බල මණ්ඩලය අද (17) කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරන විරෝධතා පෙළපාලිය කොළඹ 07 වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යොමුකිරීමට තීරණය කොට ඇත.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.