Menu

logo new 2015-5-11

Shamrock-png

කැබිනට් සංශෝධන, වැඩ බැරි උන්ගේ වැඩක්

කැබිනට් සංශෝධන, වැඩ බැරි උන්ගේ වැඩක්

කැබිනට් සංශෝධනයක් සිදු නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න පැවැසීය.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙි පැවැති උත්සවයකින් පසු මාධ්‍යට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව කියා සිටියේය.

කැබිනට් සංශෝධනයක් සිදු කරන බවට ජනාධිපතිවරයා කිසිවක් ප්‍රකාශ නොකළ බවත්, ඒ පිළිබදව මාධ්‍ය වාර්තා පමණක් පළ වූ බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා සදහන් කොට සිටියේ
කැබිනට් මණ්ඩල සංශෝධනයක් ගැන තමා කිසිවක් නොදන්නා බවයි.

තමා ආර්ථිකය හරියාකාරව මෙහෙයවා තිබෙන බව පවසන මුදල් ඇමැතිවරයා කැබිනට් සංශෝධනයක් ගැන ප්‍රකාශ නිකුත් කරන්නන්ගෙන් වැඩි විස්තර අසාගන්නැයි පැවසීය.
එසේම අදාළ සංශෝධන සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර එහිදී දක්වා ඇත්තේ ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට මේ මොහොතේදී සිදු කිරීම උචිත නැති බවත් ඊට එකග නොවන බවත්ය.

කැබිනට් සංශෝධනයකට එජාපයේ බහුකර ඇමතිවරුන් විරුද්ධ බවද ජනාධිපතිවරයාට දන්වා ඇත.

එජාප ඇමතිවරුන්ගේ අදහස වී ඇත්තේ කැළි කසළ ගැටළුව ජාතික ප‍්‍රශ්නයක් වී ඇති තත්වය මත හා කඩා වැටුණු ආර්ථික ගොඩ දැමීමට ගතවූ වසර එකහමාර තුලදී අඩිතාලම දමා ඇති බැවින්ද කැබිනට් සංශෝධනයක් සිදුකිරීම නොගැළපෙන බවයි.

ගතවූ වසර එකහමාර තුලදී සිදු කල සැලසුම් ක‍්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති අවස්ථාවක කැබිනට් සංශෝධනයක් කලහොත් එම සංවර්ධන කටයුතු තවත් ප‍්‍රමාද වී ආණ්ඩුව දැඩි අර්බුදයකටත් හා ජනතා දෝශාරෝපණයටත් ලක්වනු අතැැයිද ඔවුන් පෙන්වා දී තිබේ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.