Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

පොලීසියට එල්ල වූ වෙඩි ප්‍රහාරයට මැදිවූ දැරිය මිය යයි

පොලීසියට එල්ල වූ වෙඩි ප්‍රහාරයට මැදිවූ දැරිය මිය යයි

පසුගියදා පිළියන්දල දි පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන්ට එල්ල වූ ප්‍රහාරයට මැදිවීමෙන් තුවාල ලබා බරපතල තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එකොළොස් හැවිරිදි දැරිය අද (19) මිය ගියාය.

අද අළුයම 3.45ට පමණ ඇය මියගිය බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් ලක්බිම ඔන්ලයින් වෙත පැවසීය.

පසුගිය මැයි 09 වනදා පිලියන්දල සිදුවීමෙන් එක් පොලිස් නිලධාරියෙක් මීට පෙර මියගිය අතර පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ ප්‍රධානියාද බරපතල තුවාල ලබා තවමත් ප්‍රතිකාර ලබමින් සිටී.

ප්‍රහාරයට මැදිවීමෙන් අසල වෙළඳසැලක සිටි එකම පවුලේ දරුවන් දෙදෙනෙකුද තුවාල ලැබීය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.