Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

මහේෂ් සේනානායක යුද හමුදාපති ධුරයට

මහේෂ් සේනානායක යුද හමුදාපති ධුරයට

වත්මන් මාණ්ඩලික ප්‍රධානී තනතුරු උසුලන මහේෂ් සේනානායක වත්මන් යුද හමුදාපතිවරයා ලෙස පත්කොට ඇති බව වාර්තාවේ. මෙතෙක් යුද හමුදාපති ධුරයෙහි කටයුතු කළ ක්‍රිෂාන්ත ද සිල්වා පසුගිය ජුනි මස 28 වන දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කිරීමෙන් අනතුරුව හිස් තිබූ යුද හමුදාපති ධුරය සදහා කෙනෙකු තොරාපත් කර ගැනීමට විවිධ පුද්ගලයන්ගේ නම් යොජනා වී තිබුනත් වඩා සුදුසු පුද්ගලයා ලෙස මහේෂ් සේනානායක නම් කිරීමෙන් අනතුරුව මෙම පත්වීම සිදුකොට ඇති බව වාර්තාවේ.

මහේෂ් සේනානායක යනු ..
1981 ඔක්තෝබර් 16 වෙනිදා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුණු මහේෂ් සේනානායක මහතා කෙඩෙධි නිලධාරි පාඨමාලා අංක 16 පාඨමාලාව (දිර්ඝ කාලීන පාඨමාලා) හදාරා එම පාඨමාලාව අවසානයේදී අතිශූර කෙඩෙට් නිලධාරියාට හිමි සම්මාන අසිපත දිනාගනිමින් පාඨමාලාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා බවට පත්විය. අනතුරුව 1983 ජුනි 23 දින දෙවන ලුතිතන් වරයෙකු ලෙස රාජකාරී ආරම්භ කළ ඔහු ශ්‍රී ලංකා යුධ හමුදා පළමුවන යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට අනුයුක්ත කරන ලදී.

යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවෙි ඛණ්ඩභාර නිලධාරි හා බළ ඝණ නිලධාරි අණදෙන ලෙස කටයුතු කළ අතර ඒකකයෙන් පරිබාහිවර ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යා පීඨයේ කෙඩෙට් නිලධාරි උපදේශක වැනි තනතුරුද හොබවා ඇත.

ඉන්පසුව ඔහු 1989 වර්ෂයේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා යුධ හමුදාවේ සුප්‍රකට වීරෝධාර ඒකකයක් වූ විශේෂ බලකාය වෙත ස්වේච්ඡාවෙන් ඇතුලත් විය. ඉන්පසු මහේෂ් සේනානායක උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවති සියළුම යුධ හමුදා මෙහෙයුම් වලදී විවිධ නායකයන් යටතේ සක්‍රියව සහභාගී විය. ඔහු පළමුවන විශේෂ බළකා රෙජිමේන්තුවේ බළ ඝණ නිලධාරි අණදෙන මෙන්ම දිගු දූර විමර්ෂණ මෙහෙයුම් LRRP/LRP සංකල්පය හඳුන්වා දෙමින් 3 වන විශේෂ බළකායේ අණදෙන නිලධාරි තනතුර හෙබවීම විශේෂිතය.

මහේෂ් සේනානායක මහතා විශේෂ බළකා රෙජිමේන්තුවේ සේනාවිධායක, 211 පාබල බළසේනාවේ බළසේනාංකාධිපති (වවුනියා), විශේෂ බළකා බළසේනාධිපති සහ 52 පාබල සේනාංකයේ (වරණි යාපනය) සේනාංකාධිපති වැනි තනතුරුද හොබවා ඇත.

යුධ සමයේ අතිශය තීරණාත්මක අවස්ථාවන් හිදි 52 සේනාංක මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි මෙන්ම යාපනයේ ආරක‍්ෂක සේනා මූලස්ථානයේ හි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි වැනි මාණ්ඩලික තනතුරු හොබවා ඇත. තවද සපුගස්කන්ද ආරක‍්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නිලධාරි උපදේශක ලෙසද කටයුතු කෙළ්ය.

මානුෂික මෙහෙයුමෙහි තීරණාත්මක අවධියේදී යුධ හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්‍යක‍්ෂක ලෙසද කටයුතු කිරීම ඔහු සම්බන්ධයෙන් සටහන් තැබීමේ දී විශේෂයෙන් සටහන් කළ යුතුය. ජයග්‍රාහී යුද සැලසුම් සියල්ල සිදුකෙරුණේ එහිදීය.

මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආරක‍්ෂක උපාධිය මෙන්ම ඉන්දියාවේ ජවහල්ලාල් නේරු විශ්ව විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු උපාධියක්ද ලබා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ක්‍රියාන්විත රාජකාරියන්හි දක්වන ලද දක‍්ෂතා හේතුවෙන් ඔහු වෙත රණ වික්‍රම පදක්කම (RWP) සහ රණශූර පදක්කම (RSP) කිහිප වතාවක්ම පිරිනමා ඇති අතර, ඔහුගේ විශිෂ්ඨ සේවය ඇගැයීම සඳහා උත්තම සේවා පදක්කමෙන්ද (USP) පිදුම් දී තිබේ.

පසුගිය කාලයේ යාපනයහි ආඥාපති වශයෙන් කටයුතු කළ මහේෂ් සේනානායක මහතා නව රජය මගින් දියත් කරන ලද සංහිඳියා සංකල්පය ක්‍රියාත්මක කිරිමෙහිලා මහඟු සේවයක් ඉටුකරන ලදී. ඔහු විශේෂ බලකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති වශයෙන්ද කටයුතු කරමින් සිටියේ ය.

ඔහු චන්ද්‍රිකා සේනානායක මහත්මිය සමග විවාහ වී සිටින අතර දියණියන් දෙදෙනෙකුගේ සහ පුතෙකුගේ පියෙකි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.