Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

ඉදිරි සතියේ ගෝඨාභය අත්අඩංගුවට

ඉදිරි සතියේ ගෝඨාභය අත්අඩංගුවට

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරි දින කිහිපය ඇතුලත අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පලවෙමින් ඇත.

ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීම වෙනුවෙන් මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණ මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට නියමිත බවද එම වාර්තාවන්හි දැක්වෙයි.

ප‍්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකු මේ සදහා සෘජුව මැදිහත්ව සිටින බවත් නීතිපති දෙපාර්තමේන්තුවෙන්ද මීට වාචික මට්ටමේ එකගතාවක් ලැබී ඇති බවත් වැඩි දුරටත් සදහන්ය.

මේ අතර පෙරේදා දිනයේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ශී‍්‍රලනිප මැති ඇමති හමුවේදී මේ ගැන සාකච්චා වී ඇති අතර එහිදී ඇමති ඩිලාන් පෙරේරා පෙන්වා දී ඇත්තේ ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගතහොත් බොහෝ නරක ප‍්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවත් රාජපක්‍ෂවරුන්ට තවමත් විශාල ජන බලයක් ඇති බවත්ය. ඊට විරෝධය පල කරමින් ඇමති සරත් අමුනුගම ඇතුළු පිරිසක් අදහස් පල කර ඇති අතර එහිදී එම සාකච්චාව මහත් ගාලගෝට්ටියක් බවට පත්ව ඇත.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.