Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරුන්ට චන්ද්‍රිකාගෙන් ඉල්ලීමක්

ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරුන්ට  චන්ද්‍රිකාගෙන් ඉල්ලීමක්

රජයේ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ කොටස් රජයෙන් ඉවත් වීමට සූදානම් වීමත් සමග එජාපයේ ප්‍රබලයෙක් හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක හරහා ඔවුන් රජය තුළ රඳවා ගැනී ෙබලවත් උත්සාහයක නිරතව සිටින බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව ඉකුත් සතියේ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය රජයෙන් ඉවත් වීමට සූදානම්ව සිටින මන්ත්‍රී කණ්ඩායම සමග විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇත. මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා කර ඇති අතර ජනාධිපතිවරයා ඔවුන්ගෙන් ඉල්ලා ඇත්තේ දෙසැම්බර් දක්වා ඔවුන්ගේ තීරණය කල් දාන ලෙසය.
ඒකාබද්ධ විපක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයින් කීප දෙනෙකු සමගද ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම රහස් සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය පාලනයෙන් එජාපය ඉවත් කර මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වරයාගේ නායකත්වයෙන් ශ්‍රීලනිප රජයක් පිහිටුවිය යුතු බවය. පටු දේශපාලන න්‍යාය පත්‍රයෙන් බැහැරව රට ජාතිය, ආගම බේරා ගැනීමේ කාර්යයට ප්‍රමුඛතාව දි යුතු බවද මන්ත්‍රී කණ්ඩායම පෙන්වා දී තිබේ

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.