Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

මොරටු සරසවි බිමක සුනඛ මළ සිරුරු

මොරටු සරසවි බිමක සුනඛ මළ සිරුරු

හෝමාගම, පිටිපන අයි.එස්.බී.එන් හරිත සරසවිය අද්දර පිහිටි මොරටු විශ්ව විද්‍යාලය සතු භූමි භාගයක මිය ගිය සුනඛයන් දෙදෙනෙකුගේ සහ බළලුන් දස දෙනෙකුගේ මළ සිරුරු තිබූ බව ‘රේ ඔෆ් හෝප්’ සත්ව සංවිධානයේ සමාරම්භක ඉරාකි කොඩිතුවක්කු මහත්මිය කියයි.

මොරටු සරසවියේ සුනඛයන් නිර්විර්දනය කොට වෙනත් ස්ථානයකට ගෙන ගොස් දැමීමක් පිළිබඳව තම සංවිධානයට පසුගිය බ්‍රහස්පතින්දා සිට තොරතුරු ලැබුණු බවත් ඒ පිළිබඳව කළ විමසීමක දී පසුගිය ඉරිදා (16) පස්වරුවේ මොරටු විශ්ව විද්‍යාලය සතු ඉහත සඳහන් භූමියේ තිබී මෙම සත්ව මළ සිරුරු දැක ගත හැකි වූ බවත් ඇය ප්‍රකාශ කරයි.

එහිදී එම මළ සිරුරු දැඩි ලෙස නරක් වී තිබූ අතර එසේ මළ සිරුරු ගෙනවිත් දැමීම පිළිබඳව ප්‍රදේශවාසීන්ගේ ද දැඩි විරෝධය එල්ල වී ඇති බවද ඇය ප්‍රකාශ කරයි.

එම මළ සිරුරු අතරේ අසාධ්‍ය තත්ත්වයෙන් සිටි බළලුන් දෙදෙනෙකුගේ ජීවිත බේරාගෙන තම සංවිධානය භාරයට ගැනීමට හැකි වූ බව ද ඇය කියා සිටී.

මෙම මළ සිරුරු ගෙනැවිත් දමන ලද පිරිස එම ප්‍රදේශවාසීන්ට කියා ඇත්තේ තමන් ‘රක්නා ලංකා’ නම් ආයතනයක සේවකයන් බවය. එහෙත් එය ව්‍යාජ තොරතුරක් බවත් මෙය මොරටුව විශ්ව විද්‍යාලය සම්බන්ධ යම් පිරිසකගේ ක්‍රියාවක් බව මේ වන විට තහවුරු වෙමින් ඇති බව කොඩිතුවක්කු මහත්මිය ප්‍රකාශ කරයි.


මේ සම්බන්ධයෙන්අදහස් දක්වන මොරටු උපකුලපතිවරයා

මොරටුව විශ්ව විද්‍යාලයේ මහා පරිමාණ සුනඛ ඝාතනයක් සිදුවී ඇති බවට අන්තර්ජාලයේ පැතිර යන පුවතෙහි කිසිදු සත්‍යතාවයක් නැතැයි මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා කියයි.

මෙහිදී සිදුව ඇත්තේ විශ්ව විද්‍යාල භූමියේ සිටි අයාල සුනඛයන් 10 -15 පමණ ප්‍රමාණයක් විශ්ව විද්‍යාලයට අයිති වෙනත් පරිශ්‍රයකට ගෙන ගොස් දැමීම සඳහා නිර්වින්දනය කිරීමේ දී එම ඖෂධ මාත්‍රාව වැඩි වීමෙන් අත්වැරදීමකින් සතුන් දෙදෙනෙකු මිය යාම පමණකැයි කී උපකුලපතිවරයා ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් සිදුකිරීමට නොපමාව කටයුතු කරන බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උපකුලපතිවරයා කියා සිටියේ මීට වර්ෂ 4 කට පමණ පෙර විශ්ව විද්‍යාල භූමිය තුළ සුනඛයන් 170 පමණ ප්‍රමාණයක් සිටි බවත් එමගින් පවිත්‍රතා ගැටලු, සෞඛ්‍ය තර්ජන, සුනඛ සපා කෑම් වලට ලක්වීම් සහ දේපල වලට හානි පැමිණීම පවා සිදුව තිබූ බවය.

මේ තත්ත්වය යටතේ විශ්ව විද්‍යාලය සුනඛයන්ගෙන් තොර කලාපයක් බවට පත්කිරීමට ගතවූ වසර කිහිපය තුළ මහත් පරිශ්‍රමයක් ගත් අතර පසුගිය කාලයේ නැවතත් සුනඛයන් 10 -15 ක පමණ ප්‍රමාණයක් සරසවි බිම තුළ සිටීම මත සත්ව හිංසනයකින් තොරව ඔවුන් ඉවත් කිරීමේ වගකීම විශ්ව විද්‍යාලීය ආරක්ෂක අංශය වෙත පැවරූ බව උපකුලපතිවරයා කීය.

එහිදී ඔවුන් එම සුනඛයන් නිර්වින්දනය කිරීම පිණිස ‘කෙටමීන්’ නම් නිර්වින්දක ඖෂධය භාවිතා කොට ඇති බව දැනගන්නට ලැබී ඇති අතර එම ඖෂධ මාත්‍රාව වැඩි වීමෙන් සුනඛයන් දෙදෙනෙකු මිය ගොස් ඇති ප්‍රවෘත්තිය පමණක් සත්‍ය බව පැවසූ උපකුලපතිවරයා තමන් උපකුලපති පදවියේ සිටින තුරු මොරටු සරසවි භූමිය අයාල සුනඛයන්ගෙන් තොර කලාපයක් කිරීම සඳහා කිසිදු සත්ව හිංසාවකට යොමු නොවන බවත් ඒ සඳහා පෙළඹවීමක් වත් නොකරන බවත් එනිසාම මෙම සිදුවීම පිළිබඳ විමර්ශනයක් ආරම්භකරන බවත් පැවසීය.

එමෙන්ම මෙම සිද්ධිය ‍මුල්කොට විශ්ව විද්‍යාලයේ කීර්ති නාමයට සිදුවන හානිය පිළිබඳ තමන් බෙහෙවින් කණගාටු වන බවද උපකුලපතිවරයා කීය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.