Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

ලංකා ජනාධිපති බංග්ලාදේශ ජාතික විරුවන් සමරයි

ලංකා ජනාධිපති බංග්ලාදේශ ජාතික විරුවන් සමරයි

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනය පරිදි බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා පසුගිය (13) පස්වරුවේ බංග්ලාදේශයේ ජාතික විරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

1971 බංග්ලාදේශ ජාතික නිදහස් සටනේ විරුවන් සැමරීමට ඉදිකර ඇති මෙම රණවිරු ස්මාරකය ඩකා අගනුවර සිට කි.මි 34ක පමණ දුරින් සවාර් ප‍්‍රදේශයේ ස්ථාපිත කර තිබේ.

එම පරිශ‍්‍රය වෙත පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබූවේ බංග්ලාදේශයේ රණවිරු සුබසාධන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සහ නිවාස සහ පොදු පහසුකම් පිළිබඳ අමාත්‍යවරයා විසිනි.

සිය සංචාරය සනිටුහන් කරමින් එහි පැළයක් රෝපණය කළ ජනාධිපතිවරයා විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

රවී කරුණානායක මහතා ඇතුළු ශී‍්‍රලාංකික දූත පිරිස ද ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක් වූහ.






 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.