Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

දම්පත්ට අලුත් තනතුරක්

දම්පත්ට අලුත් තනතුරක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ. නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් රේනක උඩවත්ත මහතා එම ධූරයෙන් විශ්‍රාම ගැනීමත් සමඟ මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා එම තනතුරට පත් කර ඇති බව සඳහන්ය.

වර්ෂ 1983 අප්‍රේල් මස 27 වන දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ඒ මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය බලසේනාවට එක්ව තිබේ. දියතලාව හමුදා විද්‍යාපීඨයේ සාර්ථකව පුහුණුව නිමා කරන දම්පත් ප්‍රනාන්දු මහතා 1984 නොවැම්බර් මස 07 වන දින අධිකාරියට පත්ව දෙවන ලුතිතනන්වරයෙක් ලෙස ගැමුණු හේවා බලකායට එක් වෙයි.

අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාවේ ගැමුණු හේවා බලකායේ අධිපති ලෙස පත්වන ඒ මහතා මුලතිව් ආරක්ෂක සේවා ආඥාපති ලෙස ද කටයුතු කර තිබේ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.