Menu

logo new 2015-5-11

Shamrock-png

"අපිම අරඹමු - ඩෙංගු දුරලමු” ජාතික වැඩපිළිවෙල දියත්වේ.

"අපිම අරඹමු - ඩෙංගු දුරලමු” ජාතික වැඩපිළිවෙල දියත්වේ.

"අපිම අරඹමු - ඩෙංගු දුරලමු” ජාතික වැඩසටහනට සමගාමීව බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් හෝටල් පරිශ්‍රයේ ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පෙරවරුවේ සිදු කෙරිනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා "ඩෙංගු වසංගත තත්ත්වය මුලින්ම වාර්තා වුයේ කින්නියා ප්‍රදේශයෙන්. එය කඩිනමින් තුරන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාවක් ලැබුනා. මේ වනවිට ඩෙංගු රෝගය මර්දනය කරමින් තිඛෙනවා. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ද දෛනිකව අඩු වෙනවා. කොළඹ ජාතික රෝහලේ ඩෙංගු රෝගී වාට්ටුව ඊයේ (07) සිට වසා දැමීමට පියවර ගත්තා. මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ඩෙංගු රෝගීන් ඇතුලත් කිරීම සදහා තවත් වාට්ටු කිහිපයක් පසුගිය කාලයේ ලබාගත්තත් එම වාට්ටු ද මෙි වනවිට වෙනත් රෝගීන් ඇතුළත් කර ගැනීම සදහා යොදාගෙන තිඛෙනවා. ඩෙංගු රෝගය තාවකාලිකව මර්දනය කිරීමෙන් වැඩක් නැහැ. අඛණ්ඩව ඩෙංගු මදුරු මර්දන කටයුතු දියත් කළ යුතුයි. පසුගිය කාලයේ ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මදුරු මර්දන ක්ෂේත්‍ර නිලධාරීන් විශාල දායකත්වයක් ලබාදුන්නා. වෛද්‍යවරුන් අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල රෝග නිවාරණ කටයුතු සදහා සහ ප්‍රතිකාර සේවා සදහා කැපවීමෙන් කටයුතු කළා. ඩෙංගු රෝගීන්ගේ අඩුවීම සදහා එය ද දායකත්වය දැක්වූවා. ඉදිරියේ දී දේශගුණික විපර්යාස සිදු වුවහොත් යළි ඩෙංගු රෝගීන් වැඩි වෙන්න පුළුවන්. එම නිසා පිරිසිදු කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කළ යුතුයි. කෙටි කලකින් මෙම වසංගතය අඩුකර ගැනීමට හැකිවීම සෞඛ්‍ය ක්ෂේත්‍රය ලැබූ ජයග්‍රහණයක්."

මෙම අවස්ථාවට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකයේ නිසි බලධාරී වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා, ජාතික ඩෙංගු මදුරු මර්දන ඒකකයේ නිලධාරින්, විශේෂඥ වෛද්‍යවරුන් සහ වෝටර්ස් ඒඡ් සභාපති චමත් ද සිල්වා මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.