Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

රිවිර වැටුප් අර්බුදය තවත් උත්සන්න වෙයි සේවකයන් අසරණවෙයි

රිවිර වැටුප් අර්බුදය තවත් උත්සන්න වෙයි සේවකයන් අසරණවෙයි

රිවිර පුවත්පතෙහි කාර්ය මණ්ඩලයට අදාළ වැටුප් ගෙවීම් මාස දෙක හමාරක සිට සිදු කොට නොමැති අතර මේ හේතුවෙන් අදාළ ආයතනයේ මාධ්‍ය වේදීන් හා සේවකයින් අන්ත අසරණ තත්වයකට පත්ව ඇති බව වාර්තාවේ.


දිගින් දිගටම පුවත්පත පවත්වාගෙන යාමට සදහා මුදල් යෙදවීම හා රිවිර වෙබ් අඩවිය පවත්වාගෙන යාමට සදහා මුදල් යොමුකොට ඇති තත්වයක් තුළ වෙළද දැන්වීම් මගින්ද අදාළ වැටුප් ගේවීමට තරම් මුදලක් ලැබී තිබියදීද කළමණාකාරීත්වය සේවකයන්ගේ වැටුප් ගෙවීම් මග හරිමින් සිටී.
කෙසේ නමුත් අදාළ වැටුප් සම්බන්ධයෙන් මාධ්‍ය වේදින් ප්‍රශ්න කළ විට කළමණාකාරීත්වය විසින් පවසා ඇත්තේ සේවය කළ නොහැකි නම් ඉල්ලා අස් වන ලෙසත් තමන්ට හැකි විටක වැටුප් ලබාදීමට කටයුතු කරන බවත්ය.
විවාහක සේවකයන් වැඩි ප්‍රමාණයක් සේවය කරන අදාළ ආයතනයේ මෙසේ වැටුප් බලාපොරොත්තුවෙන් රැදී සිටීමට සිදුව ඇති මාධ්‍ය වේදීන් පවසා සිටින්නේ හදිසියේ වෙනත් රැකියාවක් සොයාගැනීමටද නොහැකි වීමෙන් තමන් ඉතා අසරණ තත්වයකට මුහුණ පා සිටින බවයි.
ජනමාධ්‍ය සංවිධාන විසින් මේකී තත්වයන් සැලකිල්ලට ලක් නොකිරීමද දැඩි කනස්සල්ලට හේතුවක් වී ඇති බව එහි සේවකයන් දි ඉන්ඩිපෙන්ඩට් වෙත පවසා සිටී.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.