Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

ඒකීය වෙනුවට එක්සත් නාවොත් ගැටළු පැන නගීවි - විග්නේෂ්වරම් අනතුරු අගවයි

ඒකීය වෙනුවට එක්සත් නාවොත් ගැටළු පැන නගීවි - විග්නේෂ්වරම් අනතුරු අගවයි

උතුරු නැගෙනහිර දෙපළාතේ එක් නොකළොත් නැගෙනහිර රටට අහිමි වන්නට ඉඩ ඇතැයි උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා උතුරේ දෙමළ මාධ්‍යයට සඳහන් කර තිබේ. නව ව්‍යවස්ථා සංශෝධනයේදී ඒකීය රාජ්‍ය වෙනුවට එක්සත් රජය යන්න ඇතුළත් කළ යුතු බව තමන් යෝජනා කර ඇති බවද දෙමළ මාධ්‍යයට සඳහන් කර ඇත.

අපි පෙඩරල් ක්‍රමය හා උතුරු නැගෙනහිර එක්කිරීම මෙන්ම ඒකීය රාජ්‍ය යන වචනය වෙනුවට එක්සත් රාජ්‍ය කියන වචන ඇතුළත් කරලා නව ව්‍යවස්ථාව සම්පාදනය කරන්න කියලා. යෝජනා කරලා තිබෙනවා.
රජය මේ කාරණා පිළිගන්නවාද නැද්ද කියලා මම දන්නේ නෑ. දැනටමත් පෙඩරල් රාජ්‍ය ක්‍රමයට හා ඒකීය රාජ්‍ය වෙනස් කිරීමට විරෝධතා මතු වී තිබෙනවා යැයිද ඔහු දෙමළ මාධ්‍යයට සඳහන්කර තිබේ.
උතුරේ මහ ඇමැතිවරයාට පළත් සභාවේ මැති ඇමැතිවරු පත් කිරීම හෝ වෙනස් කිරීම ඇතුළු මහ ඇමැතිට හිමි සියලු බලතල පවරා දීමට දෙමළ ජාතික සන්ධානය ඉකුත්දා රැස් වී තීරණය කර තිබිණ. මේ මාධ්‍ය හමුව පවත්වා ඇත්තේ ඉන් අනතුරුව බවද වාර්තා වේ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.