Menu

logo new 2015-5-11

Shamrock-png

විජේදාස ඒකාබද්ධයේ සිට ගනී.. ඒකාබද්ධයෙන් පැසසුම්

විජේදාස ඒකාබද්ධයේ සිට ගනී.. ඒකාබද්ධයෙන් පැසසුම්

හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳව රජයේ අමාත්‍යවරයකු ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය ඒකාබද්ධ විපක්ෂය අගය කරන බවද එම ගිවිසුම අහෝසි කිරීමේ වැඩපිළිවෙළේදී ඒකාබද්ධ විපක්ෂය අමාත්‍යවරයාට අවශ්‍ය සහයක් වේ නම් එය ලබා දෙන බවද ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

අපේ රටේ ආර්ථික වශයෙන් ඉහළ වටිනාකමක් ඇති හම්බන්තොට වරාය චීනයට බදු දීමට රජය ක්‍රියා කිරීම ගැන විජේදාස රාජපක්ෂ මහතා ආණ්ඩුව තුළ සිට විරෝධය දැක්වීම සතුටක් බවද අගමැතිවරයාට අමාත්‍යවරයාට තරම්වත් අවබෝධයක් නොතිබිම රටේ ජනතාවගේ අවාසනාවක් බවද ඔහු සඳහන් කළේය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.