Menu

logo new 2015-5-11

Shamrock-png

මේක විකුණන්නටම ආපු ආණ්ඩුවක් - සුසිල් කියයි

මේක විකුණන්නටම ආපු ආණ්ඩුවක් - සුසිල් කියයි

පවතින ආණ්ඩුව ‘විකුණන ආණ්ඩුවක්‘ බවත් ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් තමන් සිටින්නේ කලකිරීමෙන් බවත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (10) මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ආණ්ඩුව මේ යන විදියට ගියොත් කච්චතිව් දූපතත් විකුණන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් තම මතය පිළිනොගන්නා බවත් කී ඒ මහතා එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස් පිළිනොගන්නා බවත් එම මතවලට ඉඩක් නොදෙන බවත් කියා සිටියේය.
“විකුණනවා කිව්වා නම් ඡන්දේ දිනන්න වෙන්නෙත් නැහැ. නොකියා ආවට මේක විකුණන ආණ්ඩුවක්. රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණය කරගන්න බැහැ. එන්නෙම අපි මේක විකුණනවා කියලා කියාගෙන. ආණ්ඩුව මේ යන විදියට ගියොත් කච්චතිව් දූපතත් විකුණලා දායි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහපාලනයට සම්බන්ධ වුණේ නැහැ. කොහොමවුණත් මම නම් සම්බන්ධ වුණේ නැහැ. යහපාලනය ඇති වෙන්නේ 2015 වසරේ ජනවාරි 8 වැනි දා. අපි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඉන් පසු අගෝස්තුවේ. අපි මැතිවරණයට ඉදිරිපත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිත් එක්කයි. ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එක්ක.“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.