Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

2025 දී දුගී බවෙන් මිදෙන්න සැලසුම් හැදුවා -ජනපති එජා සමුළුව අමතයි

2025 දී දුගී බවෙන් මිදෙන්න සැලසුම් හැදුවා -ජනපති එජා සමුළුව අමතයි

රටේ ස්වාධීනත්වය හා ස්වෛරීත්වය සුරකමින් ජාතික සංහිඳියාව ගොඩනැගීම සඳහා යන ගමන සෙමෙන් නමුත් සාර්ථක ලෙස ගොස් පැහැදිලි ජයග‍්‍රහණයක් ලබා ගැනිම රජයේ ඉලක්කය බව පැවසු ජනාධිපතිවරයා ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝකයේ සියලු රටවල ගෞරවනීය සහය අපේක්ෂා කරන බව සඳහන් කළේය.

ජාතික සංහිඳියාව ගොඩනැගීමේ වැඩපිළිවෙළේදී ඇතැම් අන්තවාදී පිරිස් වේගවත් ගමනක් සහ කෙටිකාලීන විසඳුම් බලාපොරොත්තු වුවද වසර 30කට ආසන්න කාලයක් පැවති යුද්ධය හේතුවෙන් රට අභ්‍යන්තරයේ ජනතාව අතර ඇතිවූ බෙදීම් ඉවත් කර එම ජන කොටස් අතර විශ්වාසය සහ සහෝදරත්වය ගොඩනැඟීම කෙටි කාලයක් තුළ ඉටු කළ නොහැක්කක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය ශී‍්‍ර ලංකා වේලාවෙන් අද (20) අලුයම අමතමිනි.

බලය අතහැරීම පිළිබඳ ආදර්ශය ජාතික මෙන්ම ජාත්‍යන්තර දේශපාලනය සඳහා ලබාදුන් නායකයෙක් ලෙස මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා කැපවූ නායකයෙකු ලෙස මෙහිදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ දේශනය ඉතා සුවිශේෂී වු අතර එය සියලු ජගත් නායකයින්ගේ අවධානයට ලක් විය.

රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරමින් පසුගිය වසර දෙක හමාර තුළ තම රජය සාර්ථක ගමනක් පැමිණි බව මෙහිදි සඳහන් කළ ජනාධිපතිවරයා ඉදිරි කාලය තුළද එම ගමන තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බව අවධාරණය කළේය.

රටේ ජාතික සංහිඳියාව සහ ආගමික සංහිඳියාව ගොඩනගමින් විවිධ භාෂාවන් කතා කරන සියලු ජනතාව අතර සහෝදරත්වය සහ විශ්වාසය ඇතිකර සියලුදෙනාට නිදහසේ හා සතුටින් ජීවත්විය හැකි රටක් ගොඩනැගීමට වත්මන් රජය කැපවී සිටින බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

එමෙන්ම නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම තුළ සාධාරණ සමාජයක් ගොඩනැගීමේ මූලික කාර්යය සඳහා රජය බැඳී සිටින බව ද කියා සිටියේය.

බලයේ සිටියදීම තම විධායක බලතල අත්හළ සහ එය පාර්ලිමේන්තුවට පවරා දුන් නායකයෙක් ලෙස බලය අතහැරීම පිළිබඳව ආදර්ශය තමා ජාතික සහ ජාත්‍යන්තර දේශපාලනය සඳහා ලබාදී තිබෙන බව මෙහිදි සඳහන් කළ ජනාධිපතිවරයා තනි බලයක් භාවිතා කරමින් ආඥාදායක ගමනක් ගිය පාලනයක් වෙනස්කර රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැගීමට තම රජය කටයුතු කළ බව ද ප‍්‍රකාශ කළේය.

රට දුගී භාවයෙන් නිදහස් කර ගැනීම සඳහා මෙන්ම 2025 සඳහා පැහැදිලි ආර්ථික ප‍්‍රතිපත්තියක් සහ සැලැස්මක් රජය ප‍්‍රකාශයට පත්කර ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා දේශීය ආර්ථිකය ශක්තිමත් කරමින් රටේ ආර්ථික සමෘද්ධිය ඇතිකිරීමට මෙන්ම විදේශීය ණය බරින් රට නිදහස් කර ගැනීමටද එය ඉවහල් වනු ඇති බව වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.