Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

එජාපෙ පුටු වෙනසක්

එජාපෙ පුටු වෙනසක්

මාතර දිස්ත්‍රික්කයේ ආසන 4ක් සඳහා එක්සත් ජාතික පක්ෂය නව ආසන සංවිධායකවරුන් සිව්දෙනෙකුට අරලියගහ මන්දිරයේදී පෙරේදා(03) පස්වරුවේ පත්වීම් ලබා දී තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ වැලිගම නව ආසන සංවිධායකවරයා ලෙස දකුණු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව මහතා පත් කර තිබේ.

වැලිගම සංවිධායකවරයා ලෙස කටයුතු කළ දකුණු පළාත් සභා මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා දෙවිනුවර ආසන සංවිධායකවරයා ලෙස පත් කර ඇත. කඹුරුපිටියේ සම සංවිධායකවරයා ලෙස කටයුතු කළ දකුණු පළාත් සභා මන්ත්‍රී චන්දන ප්‍රියන්ත මහතා එහි නව ආසන සංවිධායකවරයා ලෙස පත්වීම් ලබා ඇති අතර, පුරප්පාඩුව පැවති හක්මන ආසනයේ සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ දකුණු පළාත් සභා මන්ත්‍රී රංජිත් මුණසිංහ මහතායි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.