Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

විමල්ට ගම්මන්පිටල ඒකාබද්ධයෙන් කැපිලි

විමල්ට ගම්මන්පිටල ඒකාබද්ධයෙන් කැපිලි

ඒකාබද්ධ විපක්ෂයේ කටයුතුවලින් විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ හා උදය ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමයේ නියෝජිතයන් ඉවත් කිරීමට සැලසුමක් ක්‍රියාත්මක වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය කටයුතුවලට සම්බන්ධවීමට මෙම පක්ෂ දෙකේ නියෝජිතයින් උත්සාහ ගෙන තිබුණෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් එයට විරෝධය දක්වා තිබේ.මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එම පක්ෂ දෙක දරන ස්ථාවරය සම්බන්ධයෙන් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර යළි සමගියක් ඇති කිරීමට දේශපාලන මෙහෙයුමක් ක්‍රියාත්මක අතර එම සාකච්ඡා ආරම්භ වී ඇති බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.