Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

ජයසූරිය ICC යට කැදවයි

ජයසූරිය ICC යට කැදවයි

ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයට ප්‍රකාශයක් ලබාදීම සඳහා ඩුබායි වෙත ගොස් ඇතැයි ආරංචි මාර්ග පවසයි.

ඒ සඳහා ඔහුගේ නීතිඥයාද එක්ව සිටින බවද වාර්තා වෙයි. මීට දින කිහිපයට පෙර ප්‍රමෝද්‍ය වීරසිංහ මහතා තරග පාවාදීම් පිළිබඳ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා සනත් ජයසූරිය මහතාට කැඳවීමක් ලැබී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

සනත් ජයසූරිය සමග ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකුද වන ප්‍රමෝද්‍ය 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක්ද වෙයි.

ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති එක්දින තරගාවලිය පිළිබඳ මතභේදාත්මක කරුණු ඉදිරිපත් කළේය.

තීරණාත්මක තරගයකදී ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහරදීමේ පිළිවෙළ වෙනස් කළ බවත්, මාලිංගට පන්දු යැවීමට නොදීමද ගැටලුවක් බවත් ඔහු සඳහන් කළේය.

මීට දින කිහිපයට පෙරාතුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ දූෂණ විරෝධී පරීක්ෂණයක් ආරම්භ කළේය.

අමෙහිදී ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලිද සිල්වා හා ලේකම් මොහාන්ද සිල්වා යන අයගෙන් ප්‍රකාශ ලබාගැනීමට අයි.සී.සී. දූෂණ විරෝධී ඒකකය කටයුතු කර ඇති බවද වාර්තාවෙයි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.