Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

උතුර යළි නැගිටන බව සම්බන්ධන් කියයි

උතුර යළි නැගිටන බව සම්බන්ධන් කියයි

එක්සත් නොබෙදුණු සහ නොබෙදිය හැකි ශ්‍රී ලංකාව තුළ බලය බෙදා හැරීමට එකඟ නොවූවහොත් නැවතත් ප්‍රචණ්ඩත්වය මතු විය හැකි බව දෙමළ ජාතික සන්ධානයේ නායක හා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අනතුරු අඟවා තිබේ.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වී සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආසියානු හා ශාන්තිකා 6 කලාප භාර රාජ්‍ය අමාත්‍ය මැක් ෆීල්ඩ් මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසු නිවේදනයක් නිකුත් කරමින් සම්බන්ධන් මහතා මෙම කරුණු අනාවරණය කර ඇත.
ශ්‍රී ලංකා දෙමළ ප්‍රජාවගෙන් 50ක් ජීවත් වන්නේ රටෙන් බැහැරව බව පෙන්වා දෙන සම්බන්ධන් මහතා පවතින තත්ත්වයට දිගු කාලීන විසඳුමක් නොලැබුණහොත් රට හැර යන දෙමළ ජාතීන්ගේ ප්‍රමාණය ඉහළ යනු ඇතැයිද එම නිවේදනයෙන් පෙන්වා දී ඇත.
උතුරු නැගෙනහිර පළාත් දෙක නැවත එක් කිරීමේ අවශ්‍යතාවය තමන් එක්සත් ජාතීන්ගේ සංවිධානය රාජ්‍ය අමාත්‍යවරයාට පැහැදිලි කර දුන් බවද සම්බන්ධන් මහතා නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.
රටේ පුරවැසියන් වශයෙන් ජනතා සංවිධානයේ මූල ධර්ම පදනම් වූ සමාජයීය, සමාජකෘතික, ආර්ථික හා දේශපාලන යන කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජනතාවට බලය ලැබෙන එකඟතාවක් ඇති කර ගැනීම තම අපේක්ෂාව වී ඇති බවද විපක්ෂනායකවරයා නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.