Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

නාමල්ගේ ලේකම්වරයි ගුවන් තොටේදී අත්අඩංගුවට

නාමල්ගේ ලේකම්වරයි ගුවන් තොටේදී අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නඩුවක සැකකාරියක වු ඔනෙලා ද සිල්වා අද (10) අලුයම කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත අබුඩාබියෙන් ඊයේ (9) ලංකාවට එවනු ලැබු අතර ආගමන විගමන නිලධාරීන් ඇය අත්අඩංගුවට ගෙන අපරාධ විමර්ශණ කොට්ඨාසයට බාර දී තිබේ.

2013 ඔක්තොබර් පළමු වැනිදාත් 2014 අගෝස්තු 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගණුදෙණුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශුද්ධීකරණ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එකොළහක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.