Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

අත්අඩංගුවට ගත් නාමල් 16 දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් නාමල් 16 දක්වා රිමාන්ඩ්

අධිකරණ නියෝග උල්ලංඝගණය කරමින් හම්බන්තොට දී ඉකුත් 6 වැනි දා විරෝධතාවේ නිරත වී කලහාකාරි ලෙස හැසීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනා ලබන (16) රිමාන්ඩ් කරන්නැයි හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (10) රාත්‍රී නියෝග කළේය.

පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන ඩී.වී. චානක, ප්‍රසන්න රණවීර, පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සම්පත් අතුකෝරාළ සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන මේජර් අජිත් ප්‍රසන්න එලෙස රිමාන්ඩ් කර සෙසු පස් දෙනාය.

පොලිසියේ දැනුම් දීම මත ඔවුන් සිය නීතිඥවරුන් සමඟ අද (10) පස්වරුවේ හම්බන්තොට පොලිසියට පැමි‍ණීමෙන් පසු අත් අඩංගුවට ගෙන රාත්‍රී 10ට පමණ මහේස්ත්‍රාත් නිල නිවසට ඉදිරිපත් කැරිණි.

අධිකරණ නියෝග කඩ කිරීම, කලහ කාරී ලෙස හැසිරීම, පොදු දේපළවලට අලභ හානි කිරීම, පොලිස් නිලධාරීන්ට පහරදීම සහ පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා යටතේ මොවුන් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගණසේකර මහතා පැවසීය.

මෙම විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් කාන්තාවෝ හත් දෙනෙක් ඇතුළු 28 දෙනෙක් ද රිමාන්ඩ් කරනු ලැබ සිටිති.

පැමිණිල්ල වෙනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර, හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී සනත් අමසරසිංහ සහ හම්බන්තොට මූලස්ථාන පොලිස් පරීක්ෂක ශ්‍රියන්ත අබේසිංහ මහතා ඇතුළු පිරිසක් පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතීඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා ඇතුළු නීතිඥවරු 15ක් පමණ පෙනී සිටියහ.

පැයකට ආසන්න කාලයක් දෙපාර්ශ්වය කරුණු දැක්වීය.

නාමල් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමත් සමඟ ආධාරකරුවන් පිරිසක් හම්බන්තොට මූලස්ථාන පොලිසිය ඉදිරිපිට රැඳී සිටියහ. පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් කැරලි මර්දන ඒකකය ද ආරක්ෂාවට කැඳවා තිබිණි.

රිමාන්ඩ් කරනු ලැබූ සැකකරුවෝ බන්ධනාගාර බස්රියෙන් තංගල්ල බන්ධනාගාරයට රැගෙන යනු ලැබූහ.

(ඡායාරූප සනත් ගමගේ)

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.